ආනොල්ඩ් ස්වාසනේගර් හට වැදුනු පා පහර (වීඩියෝ)

71 ක් වයසැති ඇමරිකානු සුපිරි තරුව; ආනොල්ඩ් ස්වාසනේගර් දකුණු අප්‍රිකානු සංචාරයේදී ඊයේ  (2019 - 05 - 18 ) නොසිතූ අකරතැබ්බකට ලක්විය.

තමන්ගේ ජංගම දුරකථනය මගින් තරඟයක් වීඩියෝගත කරමින් සිටියදී, කොහේදෝ සිට ගුවනින් පැමිණි තරුණයෙකු  තම පා දෙකෙන්ම රෙස්ලින් ගනයේ පා පහරක් මෙම දැවැන්තයා හට එල්ල කළේය.




ආනොල්ඩ් එකවර තැතිගැන්මකට ලක්වුවද, ඔහුට කිසිඳු බරපතල හානියක් සිදු නොවුනි. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයින් පහරදුන් තැනැත්තා පාලනය කර රැගෙන යන ලදී. එහිදී ඔහු , "මට උදව් කරන්න , මට ලම්බෝගිනියක් අවශ්‍යයි /  "Help me! I need a Lamborghini!"" ලෙසින් කෑගසනු ඇසුනි.

පසුව ට්විටර් සටහනක් තබමින් ආනොල්ඩ් පවසා තිබුනේ , "මම හොඳින්, මා සිතුවේ මිනිසුන් තෙරපී මා තල්ලුවීමකට ලක්වුවා කියායි, මමත් පහරදෙනු දුටුවේ වීඩියෝවෙන්  " ලෙසිනි.





No comments:

Post a Comment