ගමනක් යනවිය ආත්මාරක්ෂාව සඳහා පිහියක් ලඟ තබාගැනීමට ඔබද සිතා තිබිය හැක.
ශ්‍රී ලංකාව තුල පුද්ගලයෙකුට රැගෙනයා හැකි පිහියක් ලෙසින් සඳහන් වන්නේ අඟල් 2 ට අඩු තලයක් සහිත පිහියකි.
අඟල් දෙකක් යනු ගිනිකූරකට මඳක් වැඩි දිගකි. රුපය බලන්න.
තලය අඟල් දෙකට වැඩි නම් සහ එය ඇනීමට භාවිත කිරීමට හැකි යැයි උසාවියට හැඟී ගියහොත් ( රවුම් මොට තුඩක් සහිත තලයක් නොවේනම් ) එය තහනම් පිහියක් ලෙස වර්ග කර දඬුවම් ලබා දිය හැක.
කඩු කිනිසි හා ඒ ආකාරයේ ඕනෑම පිහියක් අනිවාර්යෙන්ම තහනම් පිහි ගණයට වටේ.
[ 5, 30 of 1949]
" prohibited knife" means any knife, whether a clasp knife or otherwise, the blade of which is
more than two inches in length, and is not so rounded or blunted at the point as to be incapable, in
the opinion of the court, of being used as a stabbing instrument, and includes any
sword, dagger, or similar weapon adapted for use as a stabbing instrument.
තලය අඟල් දෙකට වැඩි වුවද , තලයේ හැඩය අනුව සහ ඔබගේ නීතිඥයාගේ දක්ෂතාවය අනුව , වරදෙන් ගැලවීමේ සම්භාවිතාවක් පවතී.
කෙසේ වෙතත් තහනම් ආකාරයේ පිහියක් උවද , නීත්‍යානුකූල වෘත්තීයක් සඳහා එය ඔබගේ වෘත්තීයට අදාලනම් ( උදා : කැටයම් ශිල්පියෙක් ) එය අවශ්‍යතාවයකට රැගෙනයාම , ලඟතබා ගැනීමට නීතියෙන් අවසර ඇත.
Where the use of any instrument which is a prohibited knife within
the meaning of this Ordinance is indispensable for the purpose of
carrying on any lawful trade, craft, or pursuit, the carrying or wearing
of such instrument by any person when actually engaged in any such
trade, craft, or pursuit shall not be an offence under this Ordinance.
තහනම් පිහියක් ලඟතබාගෙන වැරදිකරු උවහොත්, මාසයකට අඩු සිරදඬුවමක් හා රුපියක් 50 ක දඩයකට යටත් වේ
ref : http://citizenslanka.org/wp-content/uploads/2016/02/Dangerous-Knives-Ordinance-No-28-of-1906-E.pdf
No comments:
Post a Comment