ක්‍රි.පූ 300 දී පමණ ලංකාවේ නිෂ්පදිතව , අරාබි වෙළෙඳුන් විසින් දමස්කස් වෙළඳපොලේ විකිණූ මෙම ආයුධ වඩාත් ප්‍රචලිත වූයේ ඒවා වල පවති අසමසම ශක්තිය හා තියුණු මුවහත නිසාය.
මෙම ලෝහයේ බාහිර පෙනුමේ අනන්‍යතාවය ලෙස, අහඹු ලෙස ජලය ගලායන විට ඇතිවන රටාවකට සමාන අයුරින් මතුපිට රටා ඇඳී තිබීම පවතී.
මෙම වෙළඳුන් සමග මෙම ආයුධ තැනීමේ තාක්ෂනය ද දමස්කස් වෙත පැමිණ ඇති අතර ඇතැම් ආයුධ දමස්කස් හිම පසුකාලීනව නිපදවා ඇත.
ක්‍රි.ව 1750 දී පමණ මෙම ලෝහය නිපදවීමේ තාක්ෂනය ලෝකයෙන් සම්පුර්ණයෙන්ම අතුරුදහන්ව ඇති අතර අදටද මුල් ලෝහයට සමාන ලෝහයක් නිපදවීමට කිසිවෙකු සමත් ව නැත.
සංයුතිය අතින් මෙම ලෝහයේ අතිශ්‍ය පිරිපහදු කල ලෝහ / cementite nanowires සහ carbon nanotubes මිශ්‍රණයක් හැඩ තැලීමකට ලක්කර නිපදවා ඇති බව හඳුනාගෙන ඇත.
මෙම දමස්කස් කදු ආශ්‍රිතව ප්‍රවාද රැසක් පවතී,
- මේ මතට වැටෙනා කෙස් ගසක් කැපී යන බව...
- මුවහතට හානි නොවී කළුගලක් කපා දැමීමට උවද හැකි බව...
ප්‍රංශ සහ එංගලන්ත හමුදාවලට කුරුස යුද්ධයේදී දමස්කස් අවි වලට මුහුණදීමට සිදුවූ අතර , නයිට් වරුන්ගේ කඩු දමස්කස් කදු වලින් කැපී වෙන්ව ගිය බව ඉතිහාසයේ සඳහන් ය.
වර්තමානයේ ඔබට දමස්කස් පිහියක් Damascus Knife මිලදී ගැනීමට සෙවුවහොත් අන්තර්ජාලයේ ඇති තරම් දේ සොයා ගත හැක , නමුත් ඒවා ලෝහ කීපයක් මිශ්‍රකර හැඩ තැලීමකට ලක්කර නිපදවා ඇති , මතුපිට පෙනුම පුරාණ දමස්කස් ලෝහයේ රටාවට සමානව නිපදවා ඇති ආයුධ මිස පුරාණයේ නිපදවූ ඒ අසමසම ආයුධය නොවන බව මතක තබා ගන්න.
මේ සඳහා අවශ්ය ලොහ නිස්සාරණය සිදුවී ඇත්තේ බළංගොඩ හා සීගිරියේ කියලායි ප්‍රචලිත.
ReplyDelete