ප්‍රධාන දාරාවේ කරාටේ වර්ග

ජපානය , ඔකිනාවා ආශ්‍රිතව බිහිවූ කරාටේ ශයිලින් ප්‍රභේද රැසකි.

පැරණිතම සහ ප්‍රධාන ධාරාවේ කරාටේ ශයිලින් ලෙස ශෝටෝකාන් (Shotokan) , වදෝ රියු (Wado-ryu) , ශිටෝ රියු (Shito-ryu) සහ ගොජු රියු ( Goju-ryu) හැඳින්විය හැක.



මීට අමතරව 1964 දී බිහිවූ කියෝකුෂින් කරාටේ (Kyokushin) ද අද වන විට ලෝකයේ ඉතා ජනප්‍රිය කරාටේ ශයිලියක් ලෙස නම්කළ හැක.


ශෝටෝකාන් (Shotokan): පළල් ව තබන පාද චලන සහ ජව සම්පන්න දිගු පහරදීම් වලින් යුක්තය.

වදෝ රියු (Wado-ryu) : කෙටි පාද චලන සහ පහර වැලැක්වීමට එයින් ඉවත්වීමේ වේගවත් චලන රටා පුහුණු වේ .

ශිටෝ රියු (Shito-ryu) : සාපේක්ෂව කෙටි පාද චලන සහ ජවයට වඩා වේගයට ප්‍රමුඛතාව ලබාදෙන ශිල්ප වලින් යුක්තය.

ගොජු රියු ( Goju-ryu) : පොරබදිමේ ක්‍රම හා කෙටි දුර සිට කරන (close-range) පහරදීම් පුහුණු වේ.

කියෝකුෂින් කරාටේ (Kyokushin) : වඩාත් ජව සම්පන්න, වැරෙන් එල්ලකරන පහරදීම් වලට විශේෂතාවක් දක්වයි.

මෙම ශයිලින් විවිධ ගුරුකුල ඔස්සේ බෙදී, විවිධ මුලධර්ම වලට ප්‍රමුකතාව දෙමින්, උප ශයිලින් සිය ගණනක් ලෙස අද වන විට දැකගත හැක.

පහත වීඩියෝවෙන් Bassai Dai කාටා පුහුණුව ප්‍රභේධ 3 කින් සිදුකරන අකාරය පෙන්වා දෙයි.


ඉදිරි ලිපියකින් මෙම ශයිලින් ගැන වෙන වෙනම විස්තරාත්මක ලිපි පලකිරීමට බලාපොරොත්තු වෙමි.

7 comments:

  1. ගිජින් ෆුනොකෝචි ගැන එහෙම ලියවෙන්නේ නැතිදෝ? මමත් කාලයක් බොහොම ආශාවෙන් කියවා අධ්‍යනය කලා කියෝකුෂින් ගැන! පස්සෙ හිතුනා අෂිහාරා හොදයි කියලා. දැන්නම් මට හිතෙන්නේ අංක
    එක වින්චූන් කියලා.

    ReplyDelete
    Replies
    1. ෆුනොකෝචි ගැන අනිවා අනාගතේ ලියනව.
      "අංක එක වින්චූන්" කියන එක ගැන නං මට දැනට එකඟ වෙන්න බෑ. නමුත් close range fighting වලදී
      වින්න්චුන් ඉදිරියෙන් ඉන්නව.

      Delete
  2. එල එල, මගේ නම් ප්‍රියතම ශෛලිය ගොජු රියු

    ReplyDelete
  3. Why did you foget shorin-ryu..... it is one of best karate styles......

    ReplyDelete
  4. Why did you foget shorin-ryu..... it is one of best karate styles......

    ReplyDelete
  5. Why did you foget shorin-ryu..... it is one of best karate styles......

    ReplyDelete
  6. Why did you foget shorin-ryu..... it is one of best karate styles......

    ReplyDelete