බොක්සිං වලල්ලේ සදා දිදුලන තරුව - අලී


1942, ඇමරිකාවේ කෙන්ටර්කි (Kentucky) දී උපන් මාකස් ක්ලේ (Cassius Marcellus Clay) වයස 12  දී තම බයිසිකලය සොරාගැනීම ගැන පැමිණිලි කිරීමට  පොලිස් නිලධාරියෙක්  හමුවනවා. 
පොලිස්  නිලධාරියෙක්  මෙන්ම බොක්සිං පුහුණුකරුවෙක්ද වන ජෝ (Joe E. Martin) කුඩා ක්ලේ හට බොක්සිං  ඉගෙනීමට ආරාධනා කරන්නේ බයිසිකල් හොරාට පහරදීමේ හොඳම ක්‍රමය එය බව පවසමින්.

1960 දී ඔලිම්පික් පදක්කමක් දිනූ ක්ලේ 1964 දී  ලෝක ශූර Sonny Liston පරාජය කරමින් ලෝක ශුර කිරුල තමන් සතු කර ගන්නව. 


 1964  දී ක්ලේ ඉස්ලාම් ආගම වැළඳගන්නේ නම මොහොමඩ් අලී ලෙස වෙනස් කරගනිමින්. මෙයට කළු ජාතිකයෙකු වශයෙන් අලී මුහුණදුන් අමිහිරි අත්දැකීම් හේතුවුන බව පැවසෙනව.

බොක්සිං තාක්ෂණික ශිල්ප අතින් අලී ව සැලකෙන්නේ සීමාවෙන් එපිට සටන් කරුවෙක් ලෙසයි ( outside fighter ) ඒ අලී සැමවිටම ප්‍රතිවාදියාගේ පහර දීමේ සීමාවෙන් එපිට පරතරයක් රඳවාගෙන ක්‍රීඩා කිරීමයි. පහරදීමට ආවශ්‍ය වූ විට ක්ෂණිකව සිමාව තුලට පැමිණ පහරදී , ඔහුගේ සුවිශේෂ පහර මගහැරීම් සමග නැවත සීමාවෙන් පිටතට යාම සිදුකරනවා.

සැහැල්ලු වේගවත් පහරදීම් හා ඔහුටම අවේනික පාද චලන නිසා අලී ප්‍රතිවාදීන් හට අදෘශ්‍යමාන සටන්කරුවෙක්.

පහත වීඩියෝවෙන් පෙන්වන්නේ අලී තත්පර 10 දී ඔහු වෙත එල්ලවන පහර 21 ක් මගහරින අවස්ථාවක්.


 ආගමික මතවාද නිසා 1967 දී හමුදා පුහුණුවට යාම ප්‍රතික්ෂේප කරන අලී ,ඒ හේතුවෙන් තම බොක්සිං බලපත්‍රය අහිමිකර ගන්නව. මේ නිසා අලී ට වසර 4 ක් බොක්සිං වලින් ඉවත්ව සිටීමට සිදුවනව.

 1971 දී Joe Frazier හමුවේ බොක්සිං  කිරුල අහිමිකරගන්නා අලී 1974 දී නැවත කිරුල දිනාගැනීමට සමත් වෙනවා. 

සටන් වළල්ල තුල අලි පරාජය වී ඇත්තේ 5 වරක් පමණක් මෙන්ම එයින් ප්‍රතිවාදීන් 4 දෙනෙකු සමග නැවත සටන් කර ( rematch) ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්. 

2016 ජුනි මාසයේදී අලී ලොවින් සමුගන්නව.


No comments:

Post a Comment