ඔබ මගේ බිරිඳ දෙස බැලුවේ ඇයි,

හැඟීම් පාළනය කර ගැනීම (emotion control) එදිනෙදා ජිවිතයට ඉතා වැදගත් කාරනාවක්.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ බාසිලෝනා හි සිදුවූ සිද්ධියක්.

මෙහි සිටින සියලු පිරිමින් ආරක්ෂක අංශ වලට සම්භන්ද නිලධාරින් බව සඳහන්, ගැටුම ආරම්භයට හේතුව ලෙස සඳහන් වන්නේ "පිරිසක් විසින් නිලධාරියෙකුගේ බිරිඳ දෙස බැලීම " ලෙසයි.

 

සිදුවීම් වලට අනවශ්‍ය ආකාරයට ප්‍රතිචාර දැක්වීමට යාම (over react) / ක්ෂණික හැඟීම් වලට වහල් වී , බුද්ධියෙන් තොරව කටයුතු කිරීම, වැනි කාරනා කීපයක් නිසා අවසානයේ පුද්ගලයින් රැසකට බරපතල හානි සිදුවිය.

නොදන්නා අයෙකු ඉදිරියේ ආයුධයක් අතට ගැනීම හෝ සටනකට පිවිසීමේදී , ඔවුන්ගෙන් එල්ලවිය හැකි අනපේක්ෂිත ප්‍රතිචාර බාරගනිමටද සුදානම්ව සිටින්න.

මන්ද ඔබ අභියෝග කරන ප්‍රතිවාදියා ඔබටත් වඩා කේන්තිකාරයෙකු , ඔබට වඩා සන්නද්ධ අයෙකු , මානසික රෝගීයෙකු හෝ ඔබටත් වඩා මෝඩයෙකු විය හැකි බැවිනි.

No comments:

Post a Comment