පිරිසක් සමග ගැටුම හෙවත් කල්ලි සටන්



එක් අයෙකුට වඩා වැඩි පිරිසක් සමගසටන් කිරීම මෙම ගණයට වැටේ.










කල්ලියක් තුල හැසිරීමේදී පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩකාරීත්වය වැඩිවන බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇත, ඒ හානියේ වගකීම පිරිසක් අතර බෙදී ඇති බැවින් තනි පුද්ගලයා කරන ක්‍රියාවල වගකීම අඩු වන බැවිනි.


නිසි ස්ථානගතවීම

පිරිස මැදට යෑම හෝ පිරිසට තමන් වටකර ගැනීමට ඉඩ නොදිය යුතුය.

සෑමවිටම ප්‍රතිවාදීන් සියල්ලන් තමන්ට දර්ශනය වනලෙස ස්ථානගත විය යුතුය. පිරිස මැදට යෑමෙන් තමන් නොදකින පහරකෑම් වලට ලක්වීමට සිදුවන අතර ඒවායින් සිදුවන හානිය අධිකය.

සෑමවිටම ඔබට ආසන්නතම පුද්ගලයාගෙන් අනෙක් පිරිස ආවරණය වන පරිදි වක්‍ර චලන වල යෙදෙන්න.

පහත උදාහරණයේ x සමග වාදයක් පවතිනවිට y ද ඉදිරියට එයිනම් , ඒ හා සමගම ඔබ y ගෙන් අනෙක් පිරිස ආවරණය වන පරිදි වක්‍රාකාර චලනයකින් 3 අවස්ථාවට ස්ථානගත විය යුතුය.මෙම චලනය අතරතුර ආසන්නතම පුද්ගලයාට පහරදීම සිදුකල හැක.












පහත වීඩියෝව මේ සඳහා කදිම උදාහරණයකි. 1.15 මිනිත්තුවේ කලුජාතිකයා සමබරතාව ගිලිහී ඇදවැටෙන තුරු ඔහු නිවැරදිව ස්ථානගතවී පහරදීම සිදුකරයි. ඇදවැටුණු පසු ඔහුව වටකර පහරදීමකට ලක්වේ.




Saneth Rajinda Marthos විසින් මේ හා සමාන අපූරු ඉගැන්වීමක් පහත වීඩියෝවෙන් දැක්වේ.


අවධානය

එක් අයෙකු කෙරෙහි අවධානය තබාගෙන නොසිටින්න,

බොහෝවිට වාදයකට පැටලුන විට වාද කරන පුද්ගලයා කෙරෙහි පමණක් අවධානය රැඳීම සිදුවේ. ඔහුගේ සගයන් තම දර්ශනපථයේ තබාගැනීම අමතක වේ. ප්‍රතිවාදී පිරිස වැඩි නම් ඔවුන් සැම දෙනා කෙරෙහි යම් අවධානයක් තබා ගත යුතුය.


ඉවත්වීම 

කිසිවිටෙක ප්‍රතිවාදියාට පසුපස හරවා ඉවත්වීම නොකළ යුතුය, ආරක්‍ෂිත දුරකට යනතෙක්ඔබ දෑස ඔවුන් කෙරෙන් ඉවත් කර නොගන්න.

පහත වීඩියෝවේ පුද්ගලයා පිරිසට පිටුනොපා පහර දෙමින් ඉවත්වන අයුරු පෙන්නුම් කරයි.


සටන් කලාවේ නැටුම හෙවත් කාටා



කරාටේහිදී කාටා (kata) ලෙසත් , ටයිකොන්ඩෝ පුම්සේ (poomse)  ලෙසත් , වුෂූ ටාලු (taolu) ලෙසත් විවිධ ශෛලීන් හිදී වෙනත් නම් වලිනුත් හඳුන්වන මෙහිදී කලින් අනුමත කල චලනයන් , අනුමත පිළිවෙලකට සිදුකරනු ලබයි.

ශිල්පයන්හි භාවිතය පිලිබඳ නිසි අවබෝදයක් නොමැති අයෙකුට මෙය නැටුමක් හෝ විකාරයක් ලෙස පෙනිය හැක. නමුත් සාම්ප්‍රදායික සටන් කලාවෙහි ආත්මය ලෙසින් සැළකිය හැක.


සාම්ප්‍රදායික සටන් කලාවන් තුල මෙම කාටා ඉගැන්වීමේ අනුපිල්වෙලක් පවතී. ආධුනික සිට ජේෂ්ඨයින් දක්කවා කාටා වල  සංකීරණ තාව වැඩිවන ලෙසින් පවතී.

කිසියම් ශිල්පයක් (technique) සිදුකිරීමේදී එයට සම්පූර්ණ අවධානය යොමා එය දියුණු කර ගැනීම, හුස්ම පාලනය , සමබරතාව රැකගැනීම හා මානසික ඒකාග්‍රතාව පුහුණුව වැනි ඉතා වැදගත් අංග ප්‍රගුණකිරීම නිවැරදි කාටා පුහුණුවක් තුලින් අත්කරගත හැක.

සටන් කළා වල බොහෝ මාරාන්තික පහරදීමේ රහස් ක්‍රමවේද මෙම චලනයන් තුල අඩංගු කර තිබුනද තම හොඳම ගෝලයන්හට පමණක් ඒවා පැහැදිලි කරදීම ගුරුවරුන් සිදුකර ඇත.


පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නළු ජෙටලී වුෂූ ටාලුවක් සිදුකරන අවස්තාවකි.



පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ කරාටේ කාටා ශිල්ප කීපයක ප්‍රායෝගික භාවිතාව පැහැදිලි කිරීමකි.



කාටා තුල ඇති චලන වල අර්ථය පිලිබඳ පැහැදිලි අවභෝධයක් පැවතීම නිවැරදි සාම්ප්‍රදායික සටන් ගුරුවරයෙකු හඳුනාගත හැකි ලක්ෂණයකි.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ටයිකොන්ඩෝ පුම්සේ ශිල්ප කීපයක ප්‍රායෝගික භාවිතාව පැහැදිලි කිරීමකි.