ඉන්දියානු කිනිස්ස කටාර්



14 වන ශතවර්ෂයේ දකුණු ඉන්දියාවේ නිෂ්පාදිත සුවිශේෂී ආයුධයකි. කටාර් kattar නමින් හඳුන්වයි.
ඇනීම සඳහාම නිපදවා ඇති මෙය කිනිස්සක් වුවද , සම්ප්‍රදායික කිනිස්සකට වඩා වෙනස් වන්නේ මෙහි සුවිශේෂී මිට කොටසහි නිමාව නිසාය.


භාවිතයේදී පිහියකින් අනින චලනය ලෙසින් නොව , අතින් පහර දෙන (punch) චලනයක් මගින් ඇනීම සිදුකරයි. මීට දෙපසින් පහලට දිගුවන යකඩ කොටස් දෙකක් මගින් සන්නද්ධ අතට අමතර ආරක්ෂාවක් ලබා දෙයි.





විවිධ කාල වකවානු වලදී මෙම ආයුධය විවිධාකාර නවීකරණයන් (තලයේ හැඩය, මිටෙහි හැඩය) යටතේ නිපදවා ඇත.











කටාර් කිනිස්සේ විවිධ විශේෂයන් අතර , තලය කතුරක ආකාරයට කට ඇරී ඇතුලත තවත් තලයක් පවතින නිර්මාණය සුවිශේෂී තැනක් ගනී. ශරීරයට ඇනීමෙන් පසුව , තුවාලය දෙපසට ඇද ඉරාදමන ලිවර ක්‍රමයකින් මෙය සමන්විතය.
මෙම ඇතුලත තලය සහ කුටීරය විෂ පොවා පැවතී බවද සඳහන් වේ.




වර්තමානයේ නිෂ්පාදනය වන Push Dagger ද භාවිතයේදී මෙම චලන රටාවම අනුගමනය කරයි.






No comments:

Post a Comment