බොක්සිං වලල්ලේ සදා දිදුලන තරුව - අලී


1942, ඇමරිකාවේ කෙන්ටර්කි (Kentucky) දී උපන් මාකස් ක්ලේ (Cassius Marcellus Clay) වයස 12  දී තම බයිසිකලය සොරාගැනීම ගැන පැමිණිලි කිරීමට  පොලිස් නිලධාරියෙක්  හමුවනවා. 
පොලිස්  නිලධාරියෙක්  මෙන්ම බොක්සිං පුහුණුකරුවෙක්ද වන ජෝ (Joe E. Martin) කුඩා ක්ලේ හට බොක්සිං  ඉගෙනීමට ආරාධනා කරන්නේ බයිසිකල් හොරාට පහරදීමේ හොඳම ක්‍රමය එය බව පවසමින්.

1960 දී ඔලිම්පික් පදක්කමක් දිනූ ක්ලේ 1964 දී  ලෝක ශූර Sonny Liston පරාජය කරමින් ලෝක ශුර කිරුල තමන් සතු කර ගන්නව. 


 1964  දී ක්ලේ ඉස්ලාම් ආගම වැළඳගන්නේ නම මොහොමඩ් අලී ලෙස වෙනස් කරගනිමින්. මෙයට කළු ජාතිකයෙකු වශයෙන් අලී මුහුණදුන් අමිහිරි අත්දැකීම් හේතුවුන බව පැවසෙනව.

බොක්සිං තාක්ෂණික ශිල්ප අතින් අලී ව සැලකෙන්නේ සීමාවෙන් එපිට සටන් කරුවෙක් ලෙසයි ( outside fighter ) ඒ අලී සැමවිටම ප්‍රතිවාදියාගේ පහර දීමේ සීමාවෙන් එපිට පරතරයක් රඳවාගෙන ක්‍රීඩා කිරීමයි. පහරදීමට ආවශ්‍ය වූ විට ක්ෂණිකව සිමාව තුලට පැමිණ පහරදී , ඔහුගේ සුවිශේෂ පහර මගහැරීම් සමග නැවත සීමාවෙන් පිටතට යාම සිදුකරනවා.

සැහැල්ලු වේගවත් පහරදීම් හා ඔහුටම අවේනික පාද චලන නිසා අලී ප්‍රතිවාදීන් හට අදෘශ්‍යමාන සටන්කරුවෙක්.

පහත වීඩියෝවෙන් පෙන්වන්නේ අලී තත්පර 10 දී ඔහු වෙත එල්ලවන පහර 21 ක් මගහරින අවස්ථාවක්.


 ආගමික මතවාද නිසා 1967 දී හමුදා පුහුණුවට යාම ප්‍රතික්ෂේප කරන අලී ,ඒ හේතුවෙන් තම බොක්සිං බලපත්‍රය අහිමිකර ගන්නව. මේ නිසා අලී ට වසර 4 ක් බොක්සිං වලින් ඉවත්ව සිටීමට සිදුවනව.

 1971 දී Joe Frazier හමුවේ බොක්සිං  කිරුල අහිමිකරගන්නා අලී 1974 දී නැවත කිරුල දිනාගැනීමට සමත් වෙනවා. 

සටන් වළල්ල තුල අලි පරාජය වී ඇත්තේ 5 වරක් පමණක් මෙන්ම එයින් ප්‍රතිවාදීන් 4 දෙනෙකු සමග නැවත සටන් කර ( rematch) ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්. 

2016 ජුනි මාසයේදී අලී ලොවින් සමුගන්නව.


ප්‍රධාන දාරාවේ කරාටේ වර්ග

ජපානය , ඔකිනාවා ආශ්‍රිතව බිහිවූ කරාටේ ශයිලින් ප්‍රභේද රැසකි.

පැරණිතම සහ ප්‍රධාන ධාරාවේ කරාටේ ශයිලින් ලෙස ශෝටෝකාන් (Shotokan) , වදෝ රියු (Wado-ryu) , ශිටෝ රියු (Shito-ryu) සහ ගොජු රියු ( Goju-ryu) හැඳින්විය හැක.



මීට අමතරව 1964 දී බිහිවූ කියෝකුෂින් කරාටේ (Kyokushin) ද අද වන විට ලෝකයේ ඉතා ජනප්‍රිය කරාටේ ශයිලියක් ලෙස නම්කළ හැක.


ශෝටෝකාන් (Shotokan): පළල් ව තබන පාද චලන සහ ජව සම්පන්න දිගු පහරදීම් වලින් යුක්තය.

වදෝ රියු (Wado-ryu) : කෙටි පාද චලන සහ පහර වැලැක්වීමට එයින් ඉවත්වීමේ වේගවත් චලන රටා පුහුණු වේ .

ශිටෝ රියු (Shito-ryu) : සාපේක්ෂව කෙටි පාද චලන සහ ජවයට වඩා වේගයට ප්‍රමුඛතාව ලබාදෙන ශිල්ප වලින් යුක්තය.

ගොජු රියු ( Goju-ryu) : පොරබදිමේ ක්‍රම හා කෙටි දුර සිට කරන (close-range) පහරදීම් පුහුණු වේ.

කියෝකුෂින් කරාටේ (Kyokushin) : වඩාත් ජව සම්පන්න, වැරෙන් එල්ලකරන පහරදීම් වලට විශේෂතාවක් දක්වයි.

මෙම ශයිලින් විවිධ ගුරුකුල ඔස්සේ බෙදී, විවිධ මුලධර්ම වලට ප්‍රමුකතාව දෙමින්, උප ශයිලින් සිය ගණනක් ලෙස අද වන විට දැකගත හැක.

පහත වීඩියෝවෙන් Bassai Dai කාටා පුහුණුව ප්‍රභේධ 3 කින් සිදුකරන අකාරය පෙන්වා දෙයි.


ඉදිරි ලිපියකින් මෙම ශයිලින් ගැන වෙන වෙනම විස්තරාත්මක ලිපි පලකිරීමට බලාපොරොත්තු වෙමි.

යුද්ධයටත් තහනම් කිනිස්ස

ජැඩ්කොමාන්ඩෝ (Jagdkommando Tri-dagger) හෙවත් සයික්ලෝන් කිනිස්ස මෑතකාලීනව නිපදවූ  සුවිශේෂී හැඩයකින් යුක්ත ආයුධයකි. 

මෙමගින් ඇනීමක් සිදුකල විට එම තුවාලය ශල්‍ය වෛද්‍ය වරයෙකුට වුවද මැහුම් දැමීම මගින වැසිය නොහැකි බව පැවසේ, ඒ අවසාන තුවාලයේ කැපුම් විශාල ගණනක් ඇති වන නිසා ය. 



ජිනීවා සමුළුවේදී මෙම කිනිස්ස යුධ පිටියේ බාවිතා නොකිරීමට එම සමුළුවට සහභාගී වූ රටවල් එකඟවී ඇත. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙමගින් ඇති කරන තුවාල වල අමානුෂික ස්වරූපය සහ ඇතිවන තුවාලය  සුවකිරීමට අපහසු නිසා බොහෝ දෙනා පසුව වෙනත් ආසාදන මගින් මියයාමයි. 

$70 (රු 12 000 ) සිට $1200 ( රු 100 000 ) පමණ දක්වා මිල පරාසයක මෙම කිනිස්ස මිලදී ගැනීමට ඇත.

පහත වීඩියෝවල මෙම කිනිස්සේ වැඩිදුර විස්තර පවතී.







බොහෝ රටවල තහනම් සමනල පිහිය ගැන පෙර ලිපිය මෙතනින් : https://martialarts-sinhala.blogspot.com/2017/03/blog-post_21.html




පුරාණ ලංකාවේ නිපදවූ දමස්කස් කඩුව

පුරාණ ලංකාවේ යපස් තාක්ෂණයේ දියුණුව ලොවට පෙන්වූ දමස්කස් කඩුව අදටත් මුළු ලොවටම මවිතයකි.

ක්‍රි.පූ 300 දී පමණ ලංකාවේ නිෂ්පදිතව , අරාබි වෙළෙඳුන් විසින් දමස්කස් වෙළඳපොලේ විකිණූ මෙම  ආයුධ වඩාත් ප්‍රචලිත වූයේ ඒවා වල පවති අසමසම ශක්තිය හා තියුණු මුවහත නිසාය.

මෙම ලෝහයේ බාහිර පෙනුමේ  අනන්‍යතාවය ලෙස,  අහඹු ලෙස ජලය ගලායන විට ඇතිවන රටාවකට සමාන අයුරින් මතුපිට රටා ඇඳී තිබීම පවතී.









මෙම වෙළඳුන් සමග මෙම ආයුධ තැනීමේ තාක්ෂනය ද දමස්කස් වෙත පැමිණ ඇති අතර ඇතැම් ආයුධ දමස්කස් හිම පසුකාලීනව නිපදවා ඇත.

ක්‍රි.ව 1750 දී පමණ මෙම ලෝහය නිපදවීමේ තාක්ෂනය ලෝකයෙන් සම්පුර්ණයෙන්ම අතුරුදහන්ව ඇති අතර අදටද මුල් ලෝහයට සමාන ලෝහයක් නිපදවීමට කිසිවෙකු සමත් ව නැත.

සංයුතිය අතින් මෙම ලෝහයේ අතිශ්‍ය පිරිපහදු කල ලෝහ /  cementite nanowires සහ carbon nanotubes මිශ්‍රණයක්  හැඩ තැලීමකට ලක්කර නිපදවා ඇති බව හඳුනාගෙන ඇත.

මෙම දමස්කස් කදු ආශ්‍රිතව ප්‍රවාද රැසක් පවතී,

  • මේ මතට වැටෙනා කෙස් ගසක් කැපී යන බව...
  • මුවහතට හානි නොවී කළුගලක් කපා දැමීමට උවද හැකි බව... 


ප්‍රංශ සහ එංගලන්ත හමුදාවලට කුරුස යුද්ධයේදී දමස්කස් අවි වලට මුහුණදීමට සිදුවූ අතර , නයිට් වරුන්ගේ කඩු දමස්කස් කදු වලින් කැපී වෙන්ව ගිය බව ඉතිහාසයේ සඳහන් ය.

වර්තමානයේ ඔබට දමස්කස් පිහියක්  Damascus Knife මිලදී ගැනීමට සෙවුවහොත් අන්තර්ජාලයේ ඇති තරම් දේ සොයා ගත හැක , නමුත් ඒවා ලෝහ කීපයක් මිශ්‍රකර හැඩ තැලීමකට ලක්කර නිපදවා ඇති , මතුපිට පෙනුම පුරාණ දමස්කස් ලෝහයේ රටාවට සමානව නිපදවා ඇති ආයුධ මිස පුරාණයේ නිපදවූ ඒ අසමසම ආයුධය නොවන බව මතක තබා ගන්න.


හිසට එල්ල කරන එක් පහරක බලපෑම




බොහෝ සුළු ආරවුල් වලදී ගැටුම ආරම්භ වනුයේ හිස පෙදෙසට එල්ල කරන අත් පහරක් (punch to the head) මගිනි.නමුත් හිසට එල්ල කරන එකම එක අත් පහරක් මගින් මරණය සිදුවිය හැකි ද ?

පිළිතුර ඔව් , 2007 සිට මේ දක්වා සිදුවූ සුළු පෞද්ගලික ගැටුම් වලදී  එක අත් පහරක් මගින් සිදුවූ මරණ (one punch deaths) 80 කට වැඩි ප්‍රමාණයක් පිලිබඳ නිළ වාර්තා ඇත.







මෙම මරණයන් ප්‍රධාන ආකාර 3 කින් සිදුවී ඇත .

1) මොලයේ රුධිර නාල හානිවී  අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී මරණය සිදුවීම
2) සිහිමුර්ජා වී හුස්ම ගැනීම අවහිරවීම නිසා සිදුවන මරණ
3) පහරදීම නිසා හිස වෙනත් මාද්‍යක වැදීමෙන් වන හානියෙන් සිදුවූ මරණ

වාර්තා වන පරිදි ඇති බහුතර සිදුවීම් වල පහර දීමේ චේතනාව පුද්ගලයා මරණයට පත්කිරීම නොව රිදවීමක් සිදුකිරීම පමණක් වුවද බොහෝ දෙනාට මිනි මැරුම් චෝදනා යටතේ නීතිය හමුවේ වරදකරුවන් වීමට සිදුව ඇත.

මතක තබා ගන්න , ඔබේ මුළු ජීවන රිද්මයම උඩුයටිකුරු කිරීමට ඔබ දුරදිග නොබලා සිදුකරන එකම ඒක punch එකක් ප්‍රමාණවත් විය හැකි බව.

අප මොලය කෙතරම් සංවේදී , මෘදු අවයවයක්දැයි දැනගැනීමට පහල වීඩියෝව බලන්න.