ආත්මාරක්ෂාව සලසාගැනීම හෙවත් පණපිටින් ගෙදර ඒම


ඔබ සතු වටිනාම සම්පත ජීවිතයයි.
අනික් කුමන භව්තික සම්පතක් නැතිවුවද , ඔබේ මමත්වය හෝ අභිමානය හානි වුවද ඒ සියල්ලට වඩා ඔබේ ජීවිතය රැකගැනීම ප්‍රමුඛය.


හැකිතරම් ගැටුම් මගහැර සිටින්න

මෙය පවසන තරම් පහසු කටයුත්තක් නොවේ , නමුත් බොහෝ  අනවශ්‍ය හදිසි ගැටුම් සඳහා ඔබේ මමත්වය හෝ  සිතේ  ඔබ ගැන පවතින අභිමානය පාදක විය හැක.
මහපාරේ සිටින බුරුවෙකු හමුවේ ඔබගේ තත්වය පෙන්වීමට යාමෙන් ඔබට ලැබෙනා දෙයක් නැත. නමුත් බූරුවා ඔබව තල්ලුකිරීමෙන් ඔබ ඇදවැටී සිදුවන තුවාලය මාරාන්තික විය හැක.

උදා : ඔබ පාරේ ගමන් කරන විට ඔබ ගැන කිසිඳු තැකීමක් නොකර ඔබ දෙසට වේගයෙන් ගමන් කරන පුද්ගලයෙකු වෙතැයි සිතන්න.
මෙහිදී  මොහු  ඔබ ගැන කිසිඳු තැකීමක් නොකිරීම ඔබට කරන අගෞරවයක් ලෙස ඔබට සිතෙයි. "මම මොකටද අයින් වෙන්නේ .." වැනි සිතුවිල්ලක් සමග ඔබද ඔබගේ දිශාව වෙනස් නොකර අදාළ පුද්ගලයාගේ ඇඟේ හැපෙයි.
මෙය ගැටුමකට මුලක් විය හැක.
මෙවන් සරල අවස්තාවක ඔබ ස්වල්පයක් අයිනට වී අදාළ මෝඩයාට යන්නට දීමෙන් ඔබට නැතිවන දෙයක් නැත. නමුත් ඔබ ජයගත යුත්තේ ඔබ සිතෙහි මමත්වයයි.
මෝඩයෙකුගෙන් ඔබ ලබන ගෞරවයේ කවර පලක් ද ?


ඔබේ වස්තුවට වඩා ජීවිතය වටියි.


කෙනෙකු ඔබ ජීවිතයට තර්ජනය කර ඔබේ වස්තුව ඉල්ළුවහොත් , ඔබේ ජීවිතය ප්‍රමුඛ කොට සලකන්න.
උදා : පාරේ අඳුරු මුල්ලක කුඩුකාරයෙකු ඔබගේ බඩට පිහියක් තබා ඔබ පසුම්බිය ඉල්ලා සිටියහොත් , ඔබ බඩට පිහි ඇනුමක් ගැනීමේ අවධානම නොගන්න.







අවස්ථාවේ සොභාවය අනුව ඊළඟ පියවර තීරණය කරන්න

උදාහරණ :

මුහුණ වසාගෙන පැමිනෙන මංකොල්ල කරුවාට වඩා මුහුණ නිරාවරණය කර පැමිනෙන මංකොල්ල කරුවාගෙන් ඔබගේ ජීවිතයට ඇති අවධානම වැඩිය.
මන්ද මුහුණ වසාගෙන එන මංකොල්ල කරු තම අනන්‍යතාවය සඟවන්නේ ඔබව පණපිටින් තබා යෑමට ය, නමුත්  මුහුණ නිරාවරණය කර පැමිනෙන්නා ඔබගේ ජීවිතය ගැන තැකීමක් නොකරයි.


ඔබ යම අපරාධයක් , මිනීමැරුමක් ඇසින් දුටු සාක්ෂි කරුවෙකු වනවානම් ඔබගේ ජීවිතයට හානියක් වීමේ ඉඩකඩ ඉතා වැඩිය. එවන් අවස්තාවක අපරාධකරු සමග සාමසාකච්චා පැවැත්වීමට යෑමට වඩා එම ස්ථානයෙන් පැනයෑම හෝ වෙනත් විකල්පයක් නොමැතිනම් අපරාධකරු සමග සටන්කිරීම සිදුකල හැක.



මෙවන් අවස්තාවක සටන්කිරිම ඔබට ඇති අවසන් විකල්පය නම්, එහිදී අදාලවන සංකල්ප ඉදිරි ලිපියකදීබලාපොරොත්තු වන්න.

සාම්ප්‍රදායික කොරියානු සටන් කලාව - ටයික්‍යෝන්


කොරියානු සටන් කලාවක් ගැන කතා කරතොත් බොහෝ දෙනා නිතැතින්ම සිතනුයේ ටයිකොන්ඩෝ ගැනය, නමුත් ටයිකොන්ඩෝ යනු වසර 70 ක් තරම් මෑත කාලීනව බිහිවූ සටන් කලාවකි. 
නමුත් කොරියානු  සටන් කලාවන්හි ඉතිහාසය ඊට බොහෝ ඈතට දිව යයි. එම පුරාණ සාම්ප්‍රදායික සටන් කළා අතර  ටයික්‍යෝන් (Taekkyeon) ප්‍රධාන තැනක් ගැනී.ටයිකොන්ඩෝ බිහිවීමේදී ටයික්‍යෝන් ආභාෂය විශාල ලෙස දායක වී ඇත.

අතීතයේ පටන් කොරියානු පිරිස් පුහුණුවූ ටයික්‍යෝන් පුහුණු වූ බවට වසර 300 කට පැරණි ලිඛිත සාධක පවතී. 

 
ඉතා නම්‍යශීලී , රිද්මයානුකුල ශයිලියක් වන ටයික්‍යෝන් 80% ම පමන පා පහර භාවිතය සිදු කරයි, නමුත් අතින් කරන තාක්ෂණික ක්‍රමවේද , ගැට දැමීම් , බිමට පෙරලීමේ උපක්‍රම ද පුහුණු වීම සිදුවේ.

පහල මට්ටමේ පා පහර භාවිතය , රිද්මය පවත්වා ගැනීම , ටයික්‍යෝන් සඳහාම අනන්‍ය වූ පා පහර ක්‍රමවේද පැවතීම නිසා නැරඹීමට ප්‍රිය සටන් ක්‍රමයකි. යුනෙස්කෝව මගින් ටයික්‍යෝන් සංස්කෘතික උරුමයක් ලෙස නම්කර ඇත.

පහතින් දැක්වෙන්නේ ටයික්‍යෝන් ශිල්පීන් හා කැපියෝරා ශිල්පීන් සිදුකල අභියෝගාත්මක තරඟාවලියකි.