හොඳම සටන් කලාව මොකක් ද ?

















කලකට ඉහත පුහුණුවීම් අතරතුර හොඳම සටන් කලාව කුමක්ද යන සාකච්ඡාවේදී , මාගේ ගුරුතුමන් පැවසූ කතාවකි.


හොඳම ශයිලිය කුමක් විය හැකිද ?
සිතන්න සටන් කලාකරුවන් තිදෙනෙකු සිටින අවස්ථාවක්.  එක අයෙක් කරාටේ ශිල්පියෙක් , අනෙකා ජූඩෝ පුහුනුවන්නෙක් , තුන්වැන්නා ටයිකොන්ඩෝ ශිෂ්‍යයෙක්.

මොවුන් අතර හොඳම ශයිලිය තම සටන් ක්‍රමය බවට මාන්නයක් පවතිනවා.


 

ඉතින් කරාටේ ශිෂ්‍යයා ජූඩෝ ශිල්පියාට අභියෝග කර ඔවුන් දෙදෙනා අතර සටනෙන් කරාටේ ශිල්පියා ජය ගන්නවා.

ජූඩෝ ශිල්පියා පරාදයි.





 

කරාටේ ශිෂ්‍යයා ටයිකොන්ඩෝ ශිල්පියාට අභියෝග කර ඔවුන් දෙදෙනා අතර සටනෙන් ටයිකොන්ඩෝ ශිල්පියා ජය ගන්නවා.

කරාටේ ශිල්පියා පරාදයි.





 

ටයිකොන්ඩෝ ශිෂ්‍යයා ජූඩෝ ශිල්පියාට අභියෝග කර ඔවුන් දෙදෙනා අතර සටනෙන් ජූඩෝ ශිල්පියා ජය ගන්නවා.

ටයිකොන්ඩෝ ශිල්පියා පරාදයි.



දැන් හොඳම සටන් කලාව මොකක් ද ?




 

ඇඹරුම් ගලෙන් පැමිණි ආයුධය , ටොන්ෆා





ටොන්ෆා ආයුධය සාම්ප්‍රදායික ඔකිනාවා කරාටේ සම්ප්‍රධාය තුල ජනප්‍රිය ආයුධයකි. නමුත් මීට සමාන ආයුධ දකුණු ආසියාතික වෙනත් සටන් ක්‍රම තුලද දැකගත හැක.

රේකීයව සහ බ්‍රමණ චලන මගින් පහරදීම් සිදුකරන අතර ප්‍රතිවාදියාට සිදුවන හානිය මාරාන්තික විය හැක. 




ලී දණ්ඩක 1/3 ක පරාසයේ සවිකර ඇති මිටක් සහිත ටොන්ෆා සෑදීමට ඕක් ලී භාවිතා කරනු ලැබේ.

මෙම ආයුධයේ සම්භවය , ඇඹරුම් ගලෙහි මිට ආශ්‍රයෙන් සිදුවූ බව පිළිගැනේ.















පහත වීඩියෝව සම්ප්‍රදායික කරාටේ ශිල්පියෙකු ටොන්ෆා ශිල්ප දැක්වීමකි.




නූතන පොලීසි/කැරලි මර්දන ඒකක  සඳහා සාම්ප්‍රදායික බැටන් පොල්ල වෙනුවට ටොන්ෆා ආයුධය හඳුන්වා දී ඇත.

මෙමගින් පහර වැලැක්වීම , ගැට දැමීම , මෙල්ලකිරීම  සිදුකිරීමට හැකිවීම නිසා මෙම ඒකක සඳහා ටොන්ෆාව වඩාත් යොග්‍ය වේ.


පහත වීඩියෝව යුරෝපීය පොලිස් සටන් පුහුණුකරුවෙකු ටොන්ෆා ශිල්ප දැක්වීමකි.




සටන් වලල්ලේ චාටර් සිද්ධි

සටන් කලාවක් හැදෑරීම ඉස්සර පටන් දැඩි විනයක් සහිතව සිදුවූවක්. 
නමුත් මෑත කාලීනව විවිද වාණිජ පරමාර්ථ සහ ක්‍රීඩා අංශය ඔස්සේ සිදුවුන බලපෑම් නිසා පුහුණුවන්නන් තුල විනය පිරිහුණ අවස්ථා රැසක් දැකගත හැකියි. 

පහතින් පෙන්වා ඇත්තේ විවිධ ශයිලීන් තුල සිදුවුණ එවන් සිදුවීම් කීපයක වීඩියෝ දර්ශනයි.


ජූඩෝ

2016 රියෝ ඔලිම්පික් තරඟයේදී ඊජිප්තු ක්‍රීඩක එල් ශේහබි (El Shehaby) ඊශ්රායෙල් ජාතික ක්‍රීඩකයාට පරාජය වීමෙන් පසු,  ඊශ්රායෙල් ක්‍රීඩකයා පලකල සුහදතාව ප්‍රතික්ෂේප කරනුයේ මුස්ලිම් ජුදා වෛරය මුල්කර ගනිමිනුයි.





බොක්සිං

බොක්සිං ඉතිහාසයේ ආන්දෝලනාත්මකම විනය කඩකිරීමක් වන මෙම සිද්ධියටද හේතුව විනිසුරු තීරණයට එකඟ නොවීමක්. 2011 දී බොක්සිං ක්‍රීඩක බට්ලර් විසින් ප්‍රතිවාදී රිචඩ් හට මෙම පහර දීම සිදුකරනුයේ බොක්සිං අත්වැසුම් රහිතවයි. පහර කෑමට ලක්වූ රිචඩ් ගේ හකු ඇටය අස්ථානගතවීමක් සහ දිව ඉරීයාමක් සිදුව තිබූ අතර මැහුන් 26 ක් දැමීමට සිදුව තිබුණි.





ටයිකොන්ඩෝ

2008 බීජින් ඔලිම්පික් ටයිකොන්ඩෝ තරඟයක් අවසානයේ ,විනිසුරු තීරණයට එකඟ නොවූ කියුබානු ක්‍රීඩක මාටොස් (Matos) කෝපය පාලනය කරගත නොහැකිව විනිසුරු හට පහර දීම ඔලිම්පික් ටයිකොන්ඩෝ ඉතිහාසයේ විශාල කළු පැල්ලමක්. මේ වෙනුවෙන් මාටොස් ට හා ඔහුගේ පුහුණුකරුට ජීවිත කාලයටම තරඟ තහනමක් පනවා ඇත.