ගැටුමකින් තොරව ගැටළු විසඳීම (වීඩියෝ)

එදිනෙදා ජිවිතයේ ගැටළුවක් ඇතිවූ අවස්ථාවක අපහට එය විසඳීමට විවිධ මාර්ග තෝරාගත හැක.

  1. පරුෂ වචනයෙන් බැන ගැනීම (බහුතර ලාංකිකයින් ප්‍රිය කරයි ).
  2. පහරදීමක් සිදුකිරීම. 
  3. මෘදු වචන වලින් සාකච්චා කිරීම.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ තම වත්තට ඇතුළුවූ නිරුවත් මිනිසෙකු සමග නිවෙස් හිමියා සිදුකල සංවාදයකි. මෙය සත්‍ය සිදුවීමකි. 
--------------------------------------------------------
නිවෙස් හිමියා : ඇයි ? ( මෘදු ස්වරයෙන් )

නිරුවත් මිනිසා : ම්ම්.. සමාවෙන්න .. 

නිවෙස් හිමියා : මට ඔබට යම් උදව්වක් කල හැකිද ? 

නිරුවත් මිනිසා : ම්ම්.. ඔවු 


නිවෙස් හිමියා : මම කොහොමද ඔබට උදව් කල හැක්කේ ?

නිරුවත් මිනිසා : අ.. ඔබට තේරෙනවනෙ හ්හ්...

නිවෙස් හිමියා : ඔබට මෙහි ඉන්න බෑ , මේක පුද්ගලික ඉඩමක් ..

නිරුවත් මිනිසා : ආ.. එහෙමද ..

නිවෙස් හිමියා : මේ තත්වය දැන් මාව ටිකින් ටික අපහසුතාවයට පත්කරවනවා 

නිරුවත් මිනිසා : ම්ම්... ආ.. 

නිවෙස් හිමියා : මම දැන් දොර වහනව, මම ඔබ වෙත නපුරු වන්නට කැමති නෑ, මොකද මට පෙනෙනවා ඔබ සතුටින් සිටින බව, නමුත් අපද මෙහි සතුටින් සිටිනවා. අපගේ සතුටට බාදා කරන්න එපා. 

නිරුවත් මිනිසා : ම්ම් , හොඳයි .
---------------------------------------------------
නිරුවත් මිනිසා පිටව යයි. 






මෙම ක්‍රමය සෑම අවස්ථාවකටම උචිත බව මින් අදහස් නොවේ. 
නමුත් අප අවේගශීලි වන බොහෝ අවස්ථා ඊට වඩා සන්සුන්ව සාර්ථකව විසඳා ගැනුමට අවස්තාව පැවතිය හැක. 
එහි අවසන් ප්‍රතිපලය බොහෝවිට සමාන හෝ යහපත් එකක් විය හැක. 



ලංකාව තුල ලඟ තබාගත හැකි පිහිය

ගමනක් යනවිය  ආත්මාරක්ෂාව සඳහා පිහියක් ලඟ තබාගැනීමට ඔබද සිතා තිබිය හැක.

ශ්‍රී ලංකාව තුල පුද්ගලයෙකුට රැගෙනයා හැකි පිහියක් ලෙසින් සඳහන් වන්නේ අඟල් 2 ට අඩු තලයක් සහිත පිහියකි.



අඟල් දෙකක් යනු ගිනිකූරකට මඳක් වැඩි දිගකි. රුපය බලන්න.

තලය අඟල් දෙකට වැඩි නම් සහ එය ඇනීමට භාවිත කිරීමට හැකි යැයි උසාවියට හැඟී ගියහොත් ( රවුම් මොට තුඩක් සහිත තලයක් නොවේනම් ) එය තහනම් පිහියක් ලෙස වර්ග කර දඬුවම් ලබා දිය හැක.

කඩු කිනිසි හා ඒ ආකාරයේ ඕනෑම පිහියක් අනිවාර්යෙන්ම තහනම් පිහි ගණයට වටේ.

[ 5, 30 of 1949]
" prohibited knife" means any knife, whether a clasp knife or otherwise, the blade of which is more than  two inches in length, and is not so rounded or blunted at the point as to be incapable, in the opinion of the court, of being used as a stabbing instrument, and includes any sword, dagger, or similar weapon adapted for use as a stabbing instrument. 

තලය අඟල් දෙකට වැඩි වුවද , තලයේ හැඩය අනුව සහ ඔබගේ නීතිඥයාගේ දක්ෂතාවය අනුව , වරදෙන් ගැලවීමේ සම්භාවිතාවක් පවතී.













කෙසේ වෙතත් තහනම් ආකාරයේ පිහියක් උවද , නීත්‍යානුකූල වෘත්තීයක් සඳහා එය ඔබගේ වෘත්තීයට අදාලනම් ( උදා : කැටයම් ශිල්පියෙක් ) එය අවශ්‍යතාවයකට  රැගෙනයාම , ලඟතබා ගැනීමට නීතියෙන් අවසර ඇත.

Where the use of any instrument which is a prohibited knife within the meaning of this Ordinance is indispensable for the purpose of carrying on any lawful trade, craft, or pursuit, the carrying or wearing of such instrument by any person when actually engaged in any such trade, craft, or pursuit shall not be an offence under this Ordinance. 

තහනම් පිහියක් ලඟතබාගෙන වැරදිකරු උවහොත්, මාසයකට අඩු සිරදඬුවමක් හා රුපියක් 50 ක දඩයකට යටත් වේ

ref : http://citizenslanka.org/wp-content/uploads/2016/02/Dangerous-Knives-Ordinance-No-28-of-1906-E.pdf

ආනොල්ඩ් ස්වාසනේගර් හට වැදුනු පා පහර (වීඩියෝ)

71 ක් වයසැති ඇමරිකානු සුපිරි තරුව; ආනොල්ඩ් ස්වාසනේගර් දකුණු අප්‍රිකානු සංචාරයේදී ඊයේ  (2019 - 05 - 18 ) නොසිතූ අකරතැබ්බකට ලක්විය.

තමන්ගේ ජංගම දුරකථනය මගින් තරඟයක් වීඩියෝගත කරමින් සිටියදී, කොහේදෝ සිට ගුවනින් පැමිණි තරුණයෙකු  තම පා දෙකෙන්ම රෙස්ලින් ගනයේ පා පහරක් මෙම දැවැන්තයා හට එල්ල කළේය.




ආනොල්ඩ් එකවර තැතිගැන්මකට ලක්වුවද, ඔහුට කිසිඳු බරපතල හානියක් සිදු නොවුනි. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයින් පහරදුන් තැනැත්තා පාලනය කර රැගෙන යන ලදී. එහිදී ඔහු , "මට උදව් කරන්න , මට ලම්බෝගිනියක් අවශ්‍යයි /  "Help me! I need a Lamborghini!"" ලෙසින් කෑගසනු ඇසුනි.

පසුව ට්විටර් සටහනක් තබමින් ආනොල්ඩ් පවසා තිබුනේ , "මම හොඳින්, මා සිතුවේ මිනිසුන් තෙරපී මා තල්ලුවීමකට ලක්වුවා කියායි, මමත් පහරදෙනු දුටුවේ වීඩියෝවෙන්  " ලෙසිනි.