පිහි පහරකට මුහුනදීම

මෙම ලිපිය කලින් ලිපිය හා සබැඳේ - http://martialarts-sinhala.blogspot.com/2017/05/blog-post_24.html



ඔබට ආයුධයකින් හානිවීමේ ආකාර කීපයකි.
  1. ඔබ ඝාතන චේතනාවෙන්ම පුද්ගලයෙකු සැලසුම් සහගතව පැමිණ හානි කිරීම
  2. හදිසි කෝපය නිසා ඇතිවූ ගැටුමකදී අහඹු ලෙස හමුවන ආයුධයක් ලෙස භාවිතා කිරීම.
  3. තර්ජනය කිරීමේ චේතනාවෙන් හෝ තම ආරක්ෂාව පිනිස රැගෙන පැමිණි ආයුධයක් භාවිතා කිරීම.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන සිදුවීම පළමු කාණ්ඩයට අයත් වේ.

පහතින් ඇති වීඩියෝවේ සිදුවීම මීට කලකට ඉහත වත්තල ප්‍රදේශයේ  රෙදි අලෙවි සැලක සිදුවීමකි.
ආදර පලහිලව්වක් මුල්කරගනිමින් පිරිමියෙකු කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර අවසානයේදී ඔහුද තමන්ගේම ගෙලට තුවාල කර ගනී.

වීඩියෝව සංවේදී දර්ශන සහිත ය. එබැවින් ඔබ අති සංවේදී පුද්ගලයෙකු නම් මෙය නැරඹීම අනුමත නොකරමි.




අවස්ථාව / පසුබිම හා පුද්ගලයා අනුව ආරක්‍ෂිත පියවරක් ගැනීම

මෙම සිද්ධියේදී හානි වූ කාන්තාව මුහුණදුන් අවස්ථාවේ ක්‍රියාත්මක වීම ඉතාමත් අසීරු ය. දීර්ගකාලීන පුහුණුවක් ලැබූ අයෙකුට පමණක් එයින් මිදීමේ කුඩා සම්භාවිතාවක් තිබේ.

නමුත් පුද්ගලයාගෙ චරිතය / මානසික සොභාවය හඳුනන්නේනම්  සහ ඔහු තමන් සමග දැඩි ව්‍යිරයකින් වෛරයකින් පසුවන බව එම කාන්තාව දන්නේනම්,
පිහියක් අතැතිව එම පුද්ගලයා තමන් ඉදිරියට එනු දැක එම ස්ථානයෙන් පලායෑමේ තීරණය ගැනීමට යම් අවස්ථාවක් තිබුනා විය හැක.

නමුත්  බඩට විශාල පිහියකින් ඇනුම් පාරක් ලබා ප්‍රතිවාදියා සමග සටන් කිරීම පවතින්නේ චිත්‍රපටි තුල පමණි.
බොහෝවිට ප්‍රායෝගික තත්වය පළමු පිහි පහරින් පසු පිහි ඇනුම ලද පුද්ගලයා සිහිමුර්ජා තත්වයට පත්වීමය.

මෙහි සිටිනා අනෙක් චරිතය ආයතන කළමනාකරු ය . සැබවින්ම එඩිතර පුද්ගලයෙකු වන ඔහු එම කාන්තාව බේරාගැනීමට ගන්නා උත්සාහය ප්‍රශන්සනීය ය.

නමුත් ඔහුගේ ක්‍රියාකලාපය ඉතාමත් අනුවණය.  මේ අවස්ථාවේදී අපරාධකරුගේ මානසික තත්වය ඉතාමත් ව්‍යාකූල ය .
ප්‍රසිධ්දියේ මිනීමැරුමක් කල ඔහුට තවත් අයෙකුට හානිකිරීමෙන් අහිමිවන දෙයක් නැත. කළමනාකරු තම දෑතින් අපරාධකරු අල්ලාගෙන මෙල්ලකිරීමට උත්සහ කරයි.
මෙම ආවස්තාවේදී ඔහුගේ අත පිහියට කැපීයෑමේ විශාල සම්භාවිතාවක් තිබුණි.

ඉන් අනතුරුද ඔහු පොරබැදීමක් වැනි උත්සාහයකින් අපරාධකරු මෙල්ල කිරීමට තැත් කරයි.
කිසිම විටෙක පිහියක් අතැති අයෙකු සමග පොරබැදීමට උත්සහ නොකළ යුතුය,
පුහුණුව ලත් අයෙකුනම් කල යුත්තේ පළමුව අපරාධකරු අතින් පිහිය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමය.

නමුත් මෙම අවස්ථාවේ මා පෞද්ගලිකව යෝජනා කරන ක්‍රියාකලාපය නම් ඇඳුම් එල්ලා ඇති දිගු ආධාරකයක් මගින් - (පිහිකරුට පහර දීමට නොහැකි දුරක් පවත්වා ගනිමින්) ප්‍රහාරකයාට පහරදීම හෝ තල්ලුකර මෙල්ල කිරීමට හැකියාව තිබුණි.

නැවතත් කියමි -- >> කිසිම විටෙක පිහියක් අතැති අයෙකු සමග පොරබැදීම හෝ පිහිය අතෙහි ඇති තාක්කල් ප්‍රතිවාදියාට ලංවී පහර එල්ල කිරීමට උත්සහ කිරීම නොකළ යුතුය.









1 comment: