හිසට එල්ල කරන එක් පහරක බලපෑම




බොහෝ සුළු ආරවුල් වලදී ගැටුම ආරම්භ වනුයේ හිස පෙදෙසට එල්ල කරන අත් පහරක් (punch to the head) මගිනි.නමුත් හිසට එල්ල කරන එකම එක අත් පහරක් මගින් මරණය සිදුවිය හැකි ද ?

පිළිතුර ඔව් , 2007 සිට මේ දක්වා සිදුවූ සුළු පෞද්ගලික ගැටුම් වලදී  එක අත් පහරක් මගින් සිදුවූ මරණ (one punch deaths) 80 කට වැඩි ප්‍රමාණයක් පිලිබඳ නිළ වාර්තා ඇත.







මෙම මරණයන් ප්‍රධාන ආකාර 3 කින් සිදුවී ඇත .

1) මොලයේ රුධිර නාල හානිවී  අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී මරණය සිදුවීම
2) සිහිමුර්ජා වී හුස්ම ගැනීම අවහිරවීම නිසා සිදුවන මරණ
3) පහරදීම නිසා හිස වෙනත් මාද්‍යක වැදීමෙන් වන හානියෙන් සිදුවූ මරණ

වාර්තා වන පරිදි ඇති බහුතර සිදුවීම් වල පහර දීමේ චේතනාව පුද්ගලයා මරණයට පත්කිරීම නොව රිදවීමක් සිදුකිරීම පමණක් වුවද බොහෝ දෙනාට මිනි මැරුම් චෝදනා යටතේ නීතිය හමුවේ වරදකරුවන් වීමට සිදුව ඇත.

මතක තබා ගන්න , ඔබේ මුළු ජීවන රිද්මයම උඩුයටිකුරු කිරීමට ඔබ දුරදිග නොබලා සිදුකරන එකම ඒක punch එකක් ප්‍රමාණවත් විය හැකි බව.

අප මොලය කෙතරම් සංවේදී , මෘදු අවයවයක්දැයි දැනගැනීමට පහල වීඩියෝව බලන්න.


No comments:

Post a Comment