ලේ සිරකිරීම හා වායුව සිරකිරීම


















 සටන් කලාවන් තුල ගෙල සිරකිරීමේ තාක්ෂණික ක්‍රම රාශියක් පවතී.
මෙම ක්‍රම ප්‍රධාන කොටස් දෙකකි , එනම් ලේ සිරකිරීම (Blood choke) හා වායුව සිරකිරීම (Air Choke) ලෙසිනි.

පහත පැහැදිලිකිරිම  දැනුම පිණිස පමණක් ම මිස, ගුරුවරයෙකු යටතේ නිසි පුහුණුවකින් තොරව අත්හදාබැලීම පසුතවීම් වලට හේතු විය හැක.

 ලේ සිරකිරීම (Blood choke)

රූපයේ දක්වා ඇති ආකාරයට ස්වාසනාලය දෙපසින් මොලය දෙසට රුධිරය රැගෙනයන ස්වාපක ධමනිය (carotid artery) අවහිරකිරීම මෙහිදී සිදුවේ.  සිරවීමට ලක්වන දිශාව ඊතල මගින් දක්වා ඇති පරිදි වේ.

බොහෝදෙනා මෙහි බලපෑම විස්තර කරනාවිට පවසන්නේ මොලයට යන රුධිරය අඩුවීම නිසා මොලය අකර්මන්‍ය තත්වයට පත්වන බවය, එය යම් ආකාරයකට නිවැරදි වුවද සැබවින්ම සිදුවන්නේ මෙම රුධිරනාල ආශ්‍රිත සංවේදක මගින් අඩු රුධිර තත්වයක් පෙන්වීම නිසා මොළයේ ඇති රුධිරය පහල කොටසේ ශරීරයට මුදාහැරීමය.

මෙය ක්ෂණික සිහිමුර්ජා තත්වයක් ඇති කරවයි. සාමාන්‍යයෙන් තත්පර 5 - 7 ක් අතර කාලයකදී සිහිමුර්ජා කරවීමට සමත් ය, නැවත තත්පර 10 - 20 ක් අතර ප්‍රකෘති තත්වයට පත්වේ.
නමුත් වැරදි ආකාරයට යෙදවීම , සිහිමුර්ජාවීමෙන් අනතුරුවද සිරකර තබාගැනීම හෝ අධික බලයක් යෙදීම නිසා ස්වසන මාර්ගය අවහිරවීම/හානිවීම මාරාන්තික විය හැක.

පහත රූපයෙන් දැක්වෙන්නේ ජනප්‍රිය ලේ සිරකිරීමේ ශිල්ප ක්‍රමයකි.



















වායුව සිරකිරීම (Air Choke) 












ශ්වාසනාලය (trachea) ට ඉදිරි පස සිට ඇතුලට ආනතියකින් තොරව බලය යෙදවීම මගින් පෙනහළු වලට සැපයෙන වායුව අවහිරකිරීම සිදුකරයි, සිහිමුර්ජා තත්වයට පත්වීමට විනාඩියකට වැඩි කාලයක් ගතවේ. තත්පර 30 කින් පමණ ප්‍රකෘති තත්වය අත්කර ගනී.

ප්‍රතිවාදියාට වඩාත් වේදනාකාරී ය.

දිගු කාලයක් බලය යෙදවීම හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් යෙදවීම ස්වරාලයට හෝ ගෙලෙහි වෛයාහ ඇටය (hyoid bone) හානිවීම නිසා දිර්ගකාලීන අබාධ හෝ මරණය සිදුවිය හැක.


පහත රූපයෙන් දැක්වෙන්නේ වායුව සිරකිරීමේ ශිල්ප ක්‍රමයකි. යටි බාහුව මගින් ප්‍රතිවාදිගේ ශ්වාසනාලය ඇතුලට තෙරපීම සිදුකරයි.














ඉහත පැහැදිලිකිරිම  දැනුම පිණිස පමණක් ම මිස, ගුරුවරයෙකු යටතේ නිසි පුහුණුවකින් තොරව අත්හදාබැලීම පසුතවීම් වලට හේතු විය හැක.