සිර කිරීමක් හෝ අල්ලාගැනීමකදී


සිර කිරීමක් හෝ අල්ලාගැනීමකදී වර්ගීකරණ ගණනාවක් පවතින අතර ඒවායින් ගැලවීමේ උපක්‍රම රාශියක් පවතී. 

මෙම ලිපියේදී සලකාබලනුයේ සිරකිරීමට ලක්වන පුද්ගලයාගේ දෑත නිදහස්ව පවතින අවස්ථා පමණි.  

ප්‍රතිවාදියෙකු විසින් සිර කිරීමක් හෝ අල්ලාගැනීමක් සිදුකල විට, අගතියට පත් පුද්ගලයා (නුපුහුණු අයෙකු ) විසින් තැතිගැන්ම සමග සිදුකරන සොබාවික ප්‍රතික්‍රියාව සිරකිරීම සිදුකරන ප්‍රතිවාදියාගේ අතින් අල්ලා ඇද, සිරවීමෙන් ගැලවීමට උත්සහ කිරීමයි.

උදා 01 ) 

පහත රූපය දෙස බලන්න.


මෙවන් අවස්ථාවක බොහෝවිට සිදුකරනුයේ රූපයහි පරිදි ප්‍රතිවාදියාගේ අතින් ඇද ගැලවීමට උත්සහ කිරීමයි.

 උදා 02 )

පහත රූපය දෙස බලන්න. 


 මෙම අවස්ථාවේදී ද සිරවීමට ලක්වන කාන්තාවගේ දෑත නිදහස්ව පවතී.

මෙවන් අවස්ථාවක ප්‍රතිවාදියා ශක්තිමත් පුද්ගලයෙකු නම් ගැලවීම අපහසුය, 

පුහුණු නොපුහුණු ඕනෑම අයෙකුට තාක්ෂණික ශිල්පයක් ලෙස මෙවන් අවස්ථාවකදී ප්‍රතිවාදියාගේ සුළැඟිල්ල ප්‍රතිවිරුද්ධ දිශාවට නැමීම මගින් පහසුවෙන් අල්ලාසිටින අතින් මිදීම සිදුකල හැක. 

මෙහිදී තම අත්හි ඇඟිලි ප්‍රතිවාදියාගේ සුලන්ගිල්ල යටින් දමා මුළු අතින්ම සම්පුර්ණ බලය යොදා සුලැඟිල්ල නැමීම සිදුකල යුතුය, 


ක්ෂණිකව සිදුකරන නැමීම මගින් අස්ථි බිඳීමක් සිදුවී ප්‍රතිවාදියාට අධික වේදනාවක් සහිතව අල්ලාගැනීමෙන් මිදිය හැක. 

 

හොඳට නරකට හේතුවන ඇදීමේ ව්‍යායාම

නම්‍යශීලීත්වය වැඩිකරගැනීම සඳහා බොහෝදෙනා පේශි ඇදීමේ ව්‍යායාම සිදුකලද, නිසි අවභෝධයකින් තොරව සිදුකරන ඇදීමේ ව්‍යායාම සදාකාලික අබාධ ඇතිකළ හැක.
  • ඇදිමේ ව්‍යායාම සිදු කිරීමේදී තවත් පාර්ශ්වයක ගෙන් අමතර බලයක් යොදා ගැනීමට වඩාත් හානිකර විය හැක.













ව්‍යායාම වලදී ඇදීමට ලක්වන ප්‍රධාන කොටස් 3 කි, ඒවා නම් ligaments, tendons සහ පේශි වේ.
tendons - පේශිය හා අස්ථිය සම්බන්ධ කරන බන්ධනය
ligaments - අස්ථියක් තවත් අස්තියකට සම්බන්ද කරන බන්ධනය


අමතර ඇදීමකට ලක්වූ විට පේශි ඉක්මනින් සුවවන අතර ligaments, tendons සුවවීමට බොහෝ කාලයක් ගතවේ. එමනිසා ව්‍යයාමය තුල ligaments, tendons ඇදීමට ලක්කිරීම අවම කල යුතුය.

" ~ as flexibility increases, stability decreases ~ "  

පහතින් සඳහන් කර ඇත්තේ වඩාත් සැලකිලිමත්ව සිදුකලයුතු ව්‍යායාම කිහිපයකි.

1) පාද කෙලින් තබාගෙන කෙළින් තබා ගෙන කකුලේ ඇඟිලි ඇල්ලීම


බොහෝ දෙනා සිදුකරන නමුත්ඉ තාමත් ප්‍රවේශමෙන් ක්‍රමානුකූලව කළ යුතු ව්‍යායාමයක් වන අතර වැඩි බලයක් යොදා සිදුකිරීම මගින් දනහිසේ එහි ඇති ligaments පසුපසට ඇදීමකට ලක් වීම මගින් කොන්දෙහි Disks අස්ථානගත වීමකට ලක් විය හැකි ය .
ඉතාමත් සන්සුන්ව ක්‍රමානුකූලව සිදු කිරීමෙන් කිරිමෙන් සිදුවන හානි වලක්වා ගත හැක .







2) කඩුළු පනින්නාගේ ඇදීම





රූපයේ පරිදි දැක්වෙන පරිදි මෙම ව්‍යායාමයේදී පිටුපසට නමා ඇති කකුලෙහි දණහිස ආශ්‍රිත ligaments, tendons විරුද්ධ දිශාවකට ඇදීමට ලක් විය හැක . ආබාධ ඇතිකරවිය ඇති කරවිය හැකි ව්‍යායාමයකි .




3) උඩු කය දෙපසට කැරකවීම


පහසුවෙන්ව සිදුකල හැකි නිසා වේගයෙන් කරකැවීම මගින් අමතර ඇදීමකට ලක්වීම සිදුවිය හැක.

ක්‍රමානුකූලව සහ සෙමින් සිදු කළ කලයුතු ව්‍යායාමයක් වන අතර අධික වේගයක් හෝ අමතර බලයක් සමග මෙම ව්‍යායාමය ව්‍යායාමය සිදු කිරීමෙන් කොඳු නාරටියේ ඇදීම් වලට ලක් විය හැක



4) පිටුපසට නැමීම හෙවත් දුන්න බෑම

කොඳු නාරටියට බලපෑමක් ඇති කළ හැකි විය මෙම ව්‍යායාමය නිසි ලෙස සිදු නොකිරීම මගින් කොන්දේ Disks අස්ථානගත වීමකට ලක් විය හැක. ස්නායු වලට අනවශ්‍ය පීඩනයක් ඇති කරයි
නිසි පුහුණුවක් යටතේ ඉතාමත් සන්සුන්ව හා ක්‍රමානුකූල ව පමණක් පුහුණු කළ යුතු ව්‍යායාමයකි.


5) යෝග හලාසන.



යෝග පුහුණු වන්නන්ගේ ආසනයක් උවද වර්තමානයේ වෙනත් ක්‍රීඩා පුහුණුකරුවන්ද සිසුන්ව මෙම ඉරියව්වට යොමුකරයි. ඉතා ක්‍රමානුකුලව කලයුතු ව්‍යායාමයක් වන මෙහිදී වැරදි ලෙස බලය යෙදවීම මගින්, ගෙල හා කොන්ද ආශ්‍රිත ආබාධ ඇතිකරවිය හැක.



ලේ සිරකිරීම හා වායුව සිරකිරීම


















 සටන් කලාවන් තුල ගෙල සිරකිරීමේ තාක්ෂණික ක්‍රම රාශියක් පවතී.
මෙම ක්‍රම ප්‍රධාන කොටස් දෙකකි , එනම් ලේ සිරකිරීම (Blood choke) හා වායුව සිරකිරීම (Air Choke) ලෙසිනි.

පහත පැහැදිලිකිරිම  දැනුම පිණිස පමණක් ම මිස, ගුරුවරයෙකු යටතේ නිසි පුහුණුවකින් තොරව අත්හදාබැලීම පසුතවීම් වලට හේතු විය හැක.

 ලේ සිරකිරීම (Blood choke)

රූපයේ දක්වා ඇති ආකාරයට ස්වාසනාලය දෙපසින් මොලය දෙසට රුධිරය රැගෙනයන ස්වාපක ධමනිය (carotid artery) අවහිරකිරීම මෙහිදී සිදුවේ.  සිරවීමට ලක්වන දිශාව ඊතල මගින් දක්වා ඇති පරිදි වේ.

බොහෝදෙනා මෙහි බලපෑම විස්තර කරනාවිට පවසන්නේ මොලයට යන රුධිරය අඩුවීම නිසා මොලය අකර්මන්‍ය තත්වයට පත්වන බවය, එය යම් ආකාරයකට නිවැරදි වුවද සැබවින්ම සිදුවන්නේ මෙම රුධිරනාල ආශ්‍රිත සංවේදක මගින් අඩු රුධිර තත්වයක් පෙන්වීම නිසා මොළයේ ඇති රුධිරය පහල කොටසේ ශරීරයට මුදාහැරීමය.

මෙය ක්ෂණික සිහිමුර්ජා තත්වයක් ඇති කරවයි. සාමාන්‍යයෙන් තත්පර 5 - 7 ක් අතර කාලයකදී සිහිමුර්ජා කරවීමට සමත් ය, නැවත තත්පර 10 - 20 ක් අතර ප්‍රකෘති තත්වයට පත්වේ.
නමුත් වැරදි ආකාරයට යෙදවීම , සිහිමුර්ජාවීමෙන් අනතුරුවද සිරකර තබාගැනීම හෝ අධික බලයක් යෙදීම නිසා ස්වසන මාර්ගය අවහිරවීම/හානිවීම මාරාන්තික විය හැක.

පහත රූපයෙන් දැක්වෙන්නේ ජනප්‍රිය ලේ සිරකිරීමේ ශිල්ප ක්‍රමයකි.



















වායුව සිරකිරීම (Air Choke) 












ශ්වාසනාලය (trachea) ට ඉදිරි පස සිට ඇතුලට ආනතියකින් තොරව බලය යෙදවීම මගින් පෙනහළු වලට සැපයෙන වායුව අවහිරකිරීම සිදුකරයි, සිහිමුර්ජා තත්වයට පත්වීමට විනාඩියකට වැඩි කාලයක් ගතවේ. තත්පර 30 කින් පමණ ප්‍රකෘති තත්වය අත්කර ගනී.

ප්‍රතිවාදියාට වඩාත් වේදනාකාරී ය.

දිගු කාලයක් බලය යෙදවීම හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් යෙදවීම ස්වරාලයට හෝ ගෙලෙහි වෛයාහ ඇටය (hyoid bone) හානිවීම නිසා දිර්ගකාලීන අබාධ හෝ මරණය සිදුවිය හැක.


පහත රූපයෙන් දැක්වෙන්නේ වායුව සිරකිරීමේ ශිල්ප ක්‍රමයකි. යටි බාහුව මගින් ප්‍රතිවාදිගේ ශ්වාසනාලය ඇතුලට තෙරපීම සිදුකරයි.














ඉහත පැහැදිලිකිරිම  දැනුම පිණිස පමණක් ම මිස, ගුරුවරයෙකු යටතේ නිසි පුහුණුවකින් තොරව අත්හදාබැලීම පසුතවීම් වලට හේතු විය හැක.

පිරිසක් සමග ගැටුම හෙවත් කල්ලි සටන්



එක් අයෙකුට වඩා වැඩි පිරිසක් සමගසටන් කිරීම මෙම ගණයට වැටේ.










කල්ලියක් තුල හැසිරීමේදී පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩකාරීත්වය වැඩිවන බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇත, ඒ හානියේ වගකීම පිරිසක් අතර බෙදී ඇති බැවින් තනි පුද්ගලයා කරන ක්‍රියාවල වගකීම අඩු වන බැවිනි.


නිසි ස්ථානගතවීම

පිරිස මැදට යෑම හෝ පිරිසට තමන් වටකර ගැනීමට ඉඩ නොදිය යුතුය.

සෑමවිටම ප්‍රතිවාදීන් සියල්ලන් තමන්ට දර්ශනය වනලෙස ස්ථානගත විය යුතුය. පිරිස මැදට යෑමෙන් තමන් නොදකින පහරකෑම් වලට ලක්වීමට සිදුවන අතර ඒවායින් සිදුවන හානිය අධිකය.

සෑමවිටම ඔබට ආසන්නතම පුද්ගලයාගෙන් අනෙක් පිරිස ආවරණය වන පරිදි වක්‍ර චලන වල යෙදෙන්න.

පහත උදාහරණයේ x සමග වාදයක් පවතිනවිට y ද ඉදිරියට එයිනම් , ඒ හා සමගම ඔබ y ගෙන් අනෙක් පිරිස ආවරණය වන පරිදි වක්‍රාකාර චලනයකින් 3 අවස්ථාවට ස්ථානගත විය යුතුය.මෙම චලනය අතරතුර ආසන්නතම පුද්ගලයාට පහරදීම සිදුකල හැක.












පහත වීඩියෝව මේ සඳහා කදිම උදාහරණයකි. 1.15 මිනිත්තුවේ කලුජාතිකයා සමබරතාව ගිලිහී ඇදවැටෙන තුරු ඔහු නිවැරදිව ස්ථානගතවී පහරදීම සිදුකරයි. ඇදවැටුණු පසු ඔහුව වටකර පහරදීමකට ලක්වේ.




Saneth Rajinda Marthos විසින් මේ හා සමාන අපූරු ඉගැන්වීමක් පහත වීඩියෝවෙන් දැක්වේ.


අවධානය

එක් අයෙකු කෙරෙහි අවධානය තබාගෙන නොසිටින්න,

බොහෝවිට වාදයකට පැටලුන විට වාද කරන පුද්ගලයා කෙරෙහි පමණක් අවධානය රැඳීම සිදුවේ. ඔහුගේ සගයන් තම දර්ශනපථයේ තබාගැනීම අමතක වේ. ප්‍රතිවාදී පිරිස වැඩි නම් ඔවුන් සැම දෙනා කෙරෙහි යම් අවධානයක් තබා ගත යුතුය.


ඉවත්වීම 

කිසිවිටෙක ප්‍රතිවාදියාට පසුපස හරවා ඉවත්වීම නොකළ යුතුය, ආරක්‍ෂිත දුරකට යනතෙක්ඔබ දෑස ඔවුන් කෙරෙන් ඉවත් කර නොගන්න.

පහත වීඩියෝවේ පුද්ගලයා පිරිසට පිටුනොපා පහර දෙමින් ඉවත්වන අයුරු පෙන්නුම් කරයි.


සටන් කලාවේ නැටුම හෙවත් කාටා



කරාටේහිදී කාටා (kata) ලෙසත් , ටයිකොන්ඩෝ පුම්සේ (poomse)  ලෙසත් , වුෂූ ටාලු (taolu) ලෙසත් විවිධ ශෛලීන් හිදී වෙනත් නම් වලිනුත් හඳුන්වන මෙහිදී කලින් අනුමත කල චලනයන් , අනුමත පිළිවෙලකට සිදුකරනු ලබයි.

ශිල්පයන්හි භාවිතය පිලිබඳ නිසි අවබෝදයක් නොමැති අයෙකුට මෙය නැටුමක් හෝ විකාරයක් ලෙස පෙනිය හැක. නමුත් සාම්ප්‍රදායික සටන් කලාවෙහි ආත්මය ලෙසින් සැළකිය හැක.


සාම්ප්‍රදායික සටන් කලාවන් තුල මෙම කාටා ඉගැන්වීමේ අනුපිල්වෙලක් පවතී. ආධුනික සිට ජේෂ්ඨයින් දක්කවා කාටා වල  සංකීරණ තාව වැඩිවන ලෙසින් පවතී.

කිසියම් ශිල්පයක් (technique) සිදුකිරීමේදී එයට සම්පූර්ණ අවධානය යොමා එය දියුණු කර ගැනීම, හුස්ම පාලනය , සමබරතාව රැකගැනීම හා මානසික ඒකාග්‍රතාව පුහුණුව වැනි ඉතා වැදගත් අංග ප්‍රගුණකිරීම නිවැරදි කාටා පුහුණුවක් තුලින් අත්කරගත හැක.

සටන් කළා වල බොහෝ මාරාන්තික පහරදීමේ රහස් ක්‍රමවේද මෙම චලනයන් තුල අඩංගු කර තිබුනද තම හොඳම ගෝලයන්හට පමණක් ඒවා පැහැදිලි කරදීම ගුරුවරුන් සිදුකර ඇත.


පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නළු ජෙටලී වුෂූ ටාලුවක් සිදුකරන අවස්තාවකි.



පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ කරාටේ කාටා ශිල්ප කීපයක ප්‍රායෝගික භාවිතාව පැහැදිලි කිරීමකි.



කාටා තුල ඇති චලන වල අර්ථය පිලිබඳ පැහැදිලි අවභෝධයක් පැවතීම නිවැරදි සාම්ප්‍රදායික සටන් ගුරුවරයෙකු හඳුනාගත හැකි ලක්ෂණයකි.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ටයිකොන්ඩෝ පුම්සේ ශිල්ප කීපයක ප්‍රායෝගික භාවිතාව පැහැදිලි කිරීමකි. 


පිහි පහරකට මුහුනදීම

මෙම ලිපිය කලින් ලිපිය හා සබැඳේ - http://martialarts-sinhala.blogspot.com/2017/05/blog-post_24.html



ඔබට ආයුධයකින් හානිවීමේ ආකාර කීපයකි.
  1. ඔබ ඝාතන චේතනාවෙන්ම පුද්ගලයෙකු සැලසුම් සහගතව පැමිණ හානි කිරීම
  2. හදිසි කෝපය නිසා ඇතිවූ ගැටුමකදී අහඹු ලෙස හමුවන ආයුධයක් ලෙස භාවිතා කිරීම.
  3. තර්ජනය කිරීමේ චේතනාවෙන් හෝ තම ආරක්ෂාව පිනිස රැගෙන පැමිණි ආයුධයක් භාවිතා කිරීම.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන සිදුවීම පළමු කාණ්ඩයට අයත් වේ.

පහතින් ඇති වීඩියෝවේ සිදුවීම මීට කලකට ඉහත වත්තල ප්‍රදේශයේ  රෙදි අලෙවි සැලක සිදුවීමකි.
ආදර පලහිලව්වක් මුල්කරගනිමින් පිරිමියෙකු කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර අවසානයේදී ඔහුද තමන්ගේම ගෙලට තුවාල කර ගනී.

වීඩියෝව සංවේදී දර්ශන සහිත ය. එබැවින් ඔබ අති සංවේදී පුද්ගලයෙකු නම් මෙය නැරඹීම අනුමත නොකරමි.




අවස්ථාව / පසුබිම හා පුද්ගලයා අනුව ආරක්‍ෂිත පියවරක් ගැනීම

මෙම සිද්ධියේදී හානි වූ කාන්තාව මුහුණදුන් අවස්ථාවේ ක්‍රියාත්මක වීම ඉතාමත් අසීරු ය. දීර්ගකාලීන පුහුණුවක් ලැබූ අයෙකුට පමණක් එයින් මිදීමේ කුඩා සම්භාවිතාවක් තිබේ.

නමුත් පුද්ගලයාගෙ චරිතය / මානසික සොභාවය හඳුනන්නේනම්  සහ ඔහු තමන් සමග දැඩි ව්‍යිරයකින් වෛරයකින් පසුවන බව එම කාන්තාව දන්නේනම්,
පිහියක් අතැතිව එම පුද්ගලයා තමන් ඉදිරියට එනු දැක එම ස්ථානයෙන් පලායෑමේ තීරණය ගැනීමට යම් අවස්ථාවක් තිබුනා විය හැක.

නමුත්  බඩට විශාල පිහියකින් ඇනුම් පාරක් ලබා ප්‍රතිවාදියා සමග සටන් කිරීම පවතින්නේ චිත්‍රපටි තුල පමණි.
බොහෝවිට ප්‍රායෝගික තත්වය පළමු පිහි පහරින් පසු පිහි ඇනුම ලද පුද්ගලයා සිහිමුර්ජා තත්වයට පත්වීමය.

මෙහි සිටිනා අනෙක් චරිතය ආයතන කළමනාකරු ය . සැබවින්ම එඩිතර පුද්ගලයෙකු වන ඔහු එම කාන්තාව බේරාගැනීමට ගන්නා උත්සාහය ප්‍රශන්සනීය ය.

නමුත් ඔහුගේ ක්‍රියාකලාපය ඉතාමත් අනුවණය.  මේ අවස්ථාවේදී අපරාධකරුගේ මානසික තත්වය ඉතාමත් ව්‍යාකූල ය .
ප්‍රසිධ්දියේ මිනීමැරුමක් කල ඔහුට තවත් අයෙකුට හානිකිරීමෙන් අහිමිවන දෙයක් නැත. කළමනාකරු තම දෑතින් අපරාධකරු අල්ලාගෙන මෙල්ලකිරීමට උත්සහ කරයි.
මෙම ආවස්තාවේදී ඔහුගේ අත පිහියට කැපීයෑමේ විශාල සම්භාවිතාවක් තිබුණි.

ඉන් අනතුරුද ඔහු පොරබැදීමක් වැනි උත්සාහයකින් අපරාධකරු මෙල්ල කිරීමට තැත් කරයි.
කිසිම විටෙක පිහියක් අතැති අයෙකු සමග පොරබැදීමට උත්සහ නොකළ යුතුය,
පුහුණුව ලත් අයෙකුනම් කල යුත්තේ පළමුව අපරාධකරු අතින් පිහිය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමය.

නමුත් මෙම අවස්ථාවේ මා පෞද්ගලිකව යෝජනා කරන ක්‍රියාකලාපය නම් ඇඳුම් එල්ලා ඇති දිගු ආධාරකයක් මගින් - (පිහිකරුට පහර දීමට නොහැකි දුරක් පවත්වා ගනිමින්) ප්‍රහාරකයාට පහරදීම හෝ තල්ලුකර මෙල්ල කිරීමට හැකියාව තිබුණි.

නැවතත් කියමි -- >> කිසිම විටෙක පිහියක් අතැති අයෙකු සමග පොරබැදීම හෝ පිහිය අතෙහි ඇති තාක්කල් ප්‍රතිවාදියාට ලංවී පහර එල්ල කිරීමට උත්සහ කිරීම නොකළ යුතුය.









ආත්මාරක්ෂාව සලසාගැනීම හෙවත් පණපිටින් ගෙදර ඒම


ඔබ සතු වටිනාම සම්පත ජීවිතයයි.
අනික් කුමන භව්තික සම්පතක් නැතිවුවද , ඔබේ මමත්වය හෝ අභිමානය හානි වුවද ඒ සියල්ලට වඩා ඔබේ ජීවිතය රැකගැනීම ප්‍රමුඛය.


හැකිතරම් ගැටුම් මගහැර සිටින්න

මෙය පවසන තරම් පහසු කටයුත්තක් නොවේ , නමුත් බොහෝ  අනවශ්‍ය හදිසි ගැටුම් සඳහා ඔබේ මමත්වය හෝ  සිතේ  ඔබ ගැන පවතින අභිමානය පාදක විය හැක.
මහපාරේ සිටින බුරුවෙකු හමුවේ ඔබගේ තත්වය පෙන්වීමට යාමෙන් ඔබට ලැබෙනා දෙයක් නැත. නමුත් බූරුවා ඔබව තල්ලුකිරීමෙන් ඔබ ඇදවැටී සිදුවන තුවාලය මාරාන්තික විය හැක.

උදා : ඔබ පාරේ ගමන් කරන විට ඔබ ගැන කිසිඳු තැකීමක් නොකර ඔබ දෙසට වේගයෙන් ගමන් කරන පුද්ගලයෙකු වෙතැයි සිතන්න.
මෙහිදී  මොහු  ඔබ ගැන කිසිඳු තැකීමක් නොකිරීම ඔබට කරන අගෞරවයක් ලෙස ඔබට සිතෙයි. "මම මොකටද අයින් වෙන්නේ .." වැනි සිතුවිල්ලක් සමග ඔබද ඔබගේ දිශාව වෙනස් නොකර අදාළ පුද්ගලයාගේ ඇඟේ හැපෙයි.
මෙය ගැටුමකට මුලක් විය හැක.
මෙවන් සරල අවස්තාවක ඔබ ස්වල්පයක් අයිනට වී අදාළ මෝඩයාට යන්නට දීමෙන් ඔබට නැතිවන දෙයක් නැත. නමුත් ඔබ ජයගත යුත්තේ ඔබ සිතෙහි මමත්වයයි.
මෝඩයෙකුගෙන් ඔබ ලබන ගෞරවයේ කවර පලක් ද ?


ඔබේ වස්තුවට වඩා ජීවිතය වටියි.


කෙනෙකු ඔබ ජීවිතයට තර්ජනය කර ඔබේ වස්තුව ඉල්ළුවහොත් , ඔබේ ජීවිතය ප්‍රමුඛ කොට සලකන්න.
උදා : පාරේ අඳුරු මුල්ලක කුඩුකාරයෙකු ඔබගේ බඩට පිහියක් තබා ඔබ පසුම්බිය ඉල්ලා සිටියහොත් , ඔබ බඩට පිහි ඇනුමක් ගැනීමේ අවධානම නොගන්න.







අවස්ථාවේ සොභාවය අනුව ඊළඟ පියවර තීරණය කරන්න

උදාහරණ :

මුහුණ වසාගෙන පැමිනෙන මංකොල්ල කරුවාට වඩා මුහුණ නිරාවරණය කර පැමිනෙන මංකොල්ල කරුවාගෙන් ඔබගේ ජීවිතයට ඇති අවධානම වැඩිය.
මන්ද මුහුණ වසාගෙන එන මංකොල්ල කරු තම අනන්‍යතාවය සඟවන්නේ ඔබව පණපිටින් තබා යෑමට ය, නමුත්  මුහුණ නිරාවරණය කර පැමිනෙන්නා ඔබගේ ජීවිතය ගැන තැකීමක් නොකරයි.


ඔබ යම අපරාධයක් , මිනීමැරුමක් ඇසින් දුටු සාක්ෂි කරුවෙකු වනවානම් ඔබගේ ජීවිතයට හානියක් වීමේ ඉඩකඩ ඉතා වැඩිය. එවන් අවස්තාවක අපරාධකරු සමග සාමසාකච්චා පැවැත්වීමට යෑමට වඩා එම ස්ථානයෙන් පැනයෑම හෝ වෙනත් විකල්පයක් නොමැතිනම් අපරාධකරු සමග සටන්කිරීම සිදුකල හැක.



මෙවන් අවස්තාවක සටන්කිරිම ඔබට ඇති අවසන් විකල්පය නම්, එහිදී අදාලවන සංකල්ප ඉදිරි ලිපියකදීබලාපොරොත්තු වන්න.

සාම්ප්‍රදායික කොරියානු සටන් කලාව - ටයික්‍යෝන්


කොරියානු සටන් කලාවක් ගැන කතා කරතොත් බොහෝ දෙනා නිතැතින්ම සිතනුයේ ටයිකොන්ඩෝ ගැනය, නමුත් ටයිකොන්ඩෝ යනු වසර 70 ක් තරම් මෑත කාලීනව බිහිවූ සටන් කලාවකි. 
නමුත් කොරියානු  සටන් කලාවන්හි ඉතිහාසය ඊට බොහෝ ඈතට දිව යයි. එම පුරාණ සාම්ප්‍රදායික සටන් කළා අතර  ටයික්‍යෝන් (Taekkyeon) ප්‍රධාන තැනක් ගැනී.ටයිකොන්ඩෝ බිහිවීමේදී ටයික්‍යෝන් ආභාෂය විශාල ලෙස දායක වී ඇත.

අතීතයේ පටන් කොරියානු පිරිස් පුහුණුවූ ටයික්‍යෝන් පුහුණු වූ බවට වසර 300 කට පැරණි ලිඛිත සාධක පවතී. 

 
ඉතා නම්‍යශීලී , රිද්මයානුකුල ශයිලියක් වන ටයික්‍යෝන් 80% ම පමන පා පහර භාවිතය සිදු කරයි, නමුත් අතින් කරන තාක්ෂණික ක්‍රමවේද , ගැට දැමීම් , බිමට පෙරලීමේ උපක්‍රම ද පුහුණු වීම සිදුවේ.

පහල මට්ටමේ පා පහර භාවිතය , රිද්මය පවත්වා ගැනීම , ටයික්‍යෝන් සඳහාම අනන්‍ය වූ පා පහර ක්‍රමවේද පැවතීම නිසා නැරඹීමට ප්‍රිය සටන් ක්‍රමයකි. යුනෙස්කෝව මගින් ටයික්‍යෝන් සංස්කෘතික උරුමයක් ලෙස නම්කර ඇත.

පහතින් දැක්වෙන්නේ ටයික්‍යෝන් ශිල්පීන් හා කැපියෝරා ශිල්පීන් සිදුකල අභියෝගාත්මක තරඟාවලියකි.

 





හොඳම සටන් කලාව මොකක් ද ?

















කලකට ඉහත පුහුණුවීම් අතරතුර හොඳම සටන් කලාව කුමක්ද යන සාකච්ඡාවේදී , මාගේ ගුරුතුමන් පැවසූ කතාවකි.


හොඳම ශයිලිය කුමක් විය හැකිද ?
සිතන්න සටන් කලාකරුවන් තිදෙනෙකු සිටින අවස්ථාවක්.  එක අයෙක් කරාටේ ශිල්පියෙක් , අනෙකා ජූඩෝ පුහුනුවන්නෙක් , තුන්වැන්නා ටයිකොන්ඩෝ ශිෂ්‍යයෙක්.

මොවුන් අතර හොඳම ශයිලිය තම සටන් ක්‍රමය බවට මාන්නයක් පවතිනවා.


 

ඉතින් කරාටේ ශිෂ්‍යයා ජූඩෝ ශිල්පියාට අභියෝග කර ඔවුන් දෙදෙනා අතර සටනෙන් කරාටේ ශිල්පියා ජය ගන්නවා.

ජූඩෝ ශිල්පියා පරාදයි.





 

කරාටේ ශිෂ්‍යයා ටයිකොන්ඩෝ ශිල්පියාට අභියෝග කර ඔවුන් දෙදෙනා අතර සටනෙන් ටයිකොන්ඩෝ ශිල්පියා ජය ගන්නවා.

කරාටේ ශිල්පියා පරාදයි.





 

ටයිකොන්ඩෝ ශිෂ්‍යයා ජූඩෝ ශිල්පියාට අභියෝග කර ඔවුන් දෙදෙනා අතර සටනෙන් ජූඩෝ ශිල්පියා ජය ගන්නවා.

ටයිකොන්ඩෝ ශිල්පියා පරාදයි.



දැන් හොඳම සටන් කලාව මොකක් ද ?




 

ඇඹරුම් ගලෙන් පැමිණි ආයුධය , ටොන්ෆා





ටොන්ෆා ආයුධය සාම්ප්‍රදායික ඔකිනාවා කරාටේ සම්ප්‍රධාය තුල ජනප්‍රිය ආයුධයකි. නමුත් මීට සමාන ආයුධ දකුණු ආසියාතික වෙනත් සටන් ක්‍රම තුලද දැකගත හැක.

රේකීයව සහ බ්‍රමණ චලන මගින් පහරදීම් සිදුකරන අතර ප්‍රතිවාදියාට සිදුවන හානිය මාරාන්තික විය හැක. 




ලී දණ්ඩක 1/3 ක පරාසයේ සවිකර ඇති මිටක් සහිත ටොන්ෆා සෑදීමට ඕක් ලී භාවිතා කරනු ලැබේ.

මෙම ආයුධයේ සම්භවය , ඇඹරුම් ගලෙහි මිට ආශ්‍රයෙන් සිදුවූ බව පිළිගැනේ.















පහත වීඩියෝව සම්ප්‍රදායික කරාටේ ශිල්පියෙකු ටොන්ෆා ශිල්ප දැක්වීමකි.




නූතන පොලීසි/කැරලි මර්දන ඒකක  සඳහා සාම්ප්‍රදායික බැටන් පොල්ල වෙනුවට ටොන්ෆා ආයුධය හඳුන්වා දී ඇත.

මෙමගින් පහර වැලැක්වීම , ගැට දැමීම , මෙල්ලකිරීම  සිදුකිරීමට හැකිවීම නිසා මෙම ඒකක සඳහා ටොන්ෆාව වඩාත් යොග්‍ය වේ.


පහත වීඩියෝව යුරෝපීය පොලිස් සටන් පුහුණුකරුවෙකු ටොන්ෆා ශිල්ප දැක්වීමකි.




සටන් වලල්ලේ චාටර් සිද්ධි

සටන් කලාවක් හැදෑරීම ඉස්සර පටන් දැඩි විනයක් සහිතව සිදුවූවක්. 
නමුත් මෑත කාලීනව විවිද වාණිජ පරමාර්ථ සහ ක්‍රීඩා අංශය ඔස්සේ සිදුවුන බලපෑම් නිසා පුහුණුවන්නන් තුල විනය පිරිහුණ අවස්ථා රැසක් දැකගත හැකියි. 

පහතින් පෙන්වා ඇත්තේ විවිධ ශයිලීන් තුල සිදුවුණ එවන් සිදුවීම් කීපයක වීඩියෝ දර්ශනයි.


ජූඩෝ

2016 රියෝ ඔලිම්පික් තරඟයේදී ඊජිප්තු ක්‍රීඩක එල් ශේහබි (El Shehaby) ඊශ්රායෙල් ජාතික ක්‍රීඩකයාට පරාජය වීමෙන් පසු,  ඊශ්රායෙල් ක්‍රීඩකයා පලකල සුහදතාව ප්‍රතික්ෂේප කරනුයේ මුස්ලිම් ජුදා වෛරය මුල්කර ගනිමිනුයි.





බොක්සිං

බොක්සිං ඉතිහාසයේ ආන්දෝලනාත්මකම විනය කඩකිරීමක් වන මෙම සිද්ධියටද හේතුව විනිසුරු තීරණයට එකඟ නොවීමක්. 2011 දී බොක්සිං ක්‍රීඩක බට්ලර් විසින් ප්‍රතිවාදී රිචඩ් හට මෙම පහර දීම සිදුකරනුයේ බොක්සිං අත්වැසුම් රහිතවයි. පහර කෑමට ලක්වූ රිචඩ් ගේ හකු ඇටය අස්ථානගතවීමක් සහ දිව ඉරීයාමක් සිදුව තිබූ අතර මැහුන් 26 ක් දැමීමට සිදුව තිබුණි.





ටයිකොන්ඩෝ

2008 බීජින් ඔලිම්පික් ටයිකොන්ඩෝ තරඟයක් අවසානයේ ,විනිසුරු තීරණයට එකඟ නොවූ කියුබානු ක්‍රීඩක මාටොස් (Matos) කෝපය පාලනය කරගත නොහැකිව විනිසුරු හට පහර දීම ඔලිම්පික් ටයිකොන්ඩෝ ඉතිහාසයේ විශාල කළු පැල්ලමක්. මේ වෙනුවෙන් මාටොස් ට හා ඔහුගේ පුහුණුකරුට ජීවිත කාලයටම තරඟ තහනමක් පනවා ඇත.




වහලුන්ගේ සටන් කලාව - කැපියෝරා



  • 16 වන ශතවර්ෂයේදී පෘතුගීසින් විසින් බ්‍රසීලයට රැගෙනආ අප්‍රිකානු වහලුන් විසින් තනාගත් අපූරු සටන් කලාවකි.

  • වහලුන් ලෙස බ්‍රසීලයට පැමිණි අප්‍රිකානු ගෝත්‍රිකයන් හට සටන් පුහුණුව තහනම් විය, එහිදී ඔවුන් තම ගෝත්‍රික සටන් ක්‍රම , ගෝත්‍රික සංගීතය සමග එක්කර එක්තරා රිද්මයකට ශිල්ප පුහුණුව ඇරඹීය. ඒ තම ස්වාමි වරුන්ට තමුන් නැටුම් පුහුණුවන බව පෙන්නුම් කරමිනි. නැටුම තුල සටන් ශිල්ප සැඟවූවා යයි පැවසීමද නිවැරදිය.

  • පා පහරවල්, අත් පහරවල් , කැරකී කරන ශිල්ප හා කරනම් වලින් සමන්විත කැපියෝරා(Capoeira)  නැරඹීමට ඉතා ප්‍රිය සටන් ක්‍රමයකි, ගොලිවුඩ් චිත්‍රපට ගණනාවක් තුලද කැපියෝරා ශිල්පීන් තම හැකියාවන් පෙන්වා ඇත. (දිග කලිසම සහ ඉන බැඳි ලණුව  කැපියෝරා නිල ඇඳුම වේ )




  • මෙම නර්තනය,සංගීතය සමග ඇති කලවම නිසා ආරක්ෂක සටන් කලාවක් ලෙස එතරම්ම  සාර්ථක නොමැති වුවද මෑතකාලීනව MMA සටන් තුල කැපියෝරා ශිල්පීන් සාර්ථක වූ අවස්ථා කීපයක් ද දැකගත හැකි විය.



සමනල පිහිය හෙවත් බැලිසොං පිහිය

සමනල පිහිය
  • හකුලන සාක්කු පිහියක් වන සමනල පිහිය (butterfly knife) බැලිසොං ලෙසින්ද හඳුන්වයි.
  • පිලිපීනයේ බටැන්ගස් (Batangas ) ප්‍රදේශයේ ජනතාව විසින් කරන ලද නිර්මාණයක් වන මෙම පිහිය, එම ප්‍රදේශයේ ජනතාව සැමවිටම ලඟතබාගන්නා ආයුධයකි. ඔවුන්ගේ සංස්කෘතියේ කොටසකි.



  • පිහි මිටේ කොටස් දෙකක් අතර තලය සැඟව යන පරිදි සකසා ඇති මෙම පිහිය එලියට ගැනීම සහ හැකිලීම විවිධ සිත් ඇදගන්නා ආකාරයේ ක්‍රම මගින් කිරීමට හැකිවීම මෙම පිහියේ ජනප්‍රියතාවයට විශාල හේතුවකි.




  • කෙසේවෙතත් මෙම පිහිය යුරෝපයේ ඇතැම් රට වල මෙන්ම ඇමරිකාවේද විකිණීම තහම්නම් ය. මෙම පිහි ක්‍රමෝපායන් පුහුණුවේදී අතපසුවීම් නිසා දිගින් දිගටම පුහුණුවන්නන් තම අත් කැපීම් තුවාල වලට ලක්කර ගැනීම ඊට හේතුවයි. ඊබේ (ebay) හෝ අලි එක්ස්ප්‍රස් තුල ද මෙම පිහිය විකිණීම තහනම් ය. 

නවීන මාදිලියේ සමනල පිහියක්
  • විවිධ නවතාවයන්ට නිරන්තරව ලක්වන මෙම සමනල පිහිය විනෝදාංශයක් ලෙස පිහි එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය ය.



පොලවේ ගැසීමේ කලාව - ජූඩෝ

ජූඩෝ

  • 1882 තරම් මෑත කාලයකදී Jigaro Kano විසින් හඳුන්වාදුන් ජූඩෝ අද වනවිට ඔලිම්පික් ක්‍රීඩාවක් දක්වා ප්‍රචලිතව ඇත.  
  • ජූඩෝ යන්නෙහි අරුත " The Gentle Way" ලෙසිනි.   
  • බොහෝ ජූඩෝ ශිල්ප සඳහා ජපන් ජුජුට්සු (jujitsu) හි අභාෂය ලැබී ඇත.





  • ප්‍රතිවාදියාගේ සමබරතාව බිඳීම , ප්‍රතිවාදියාව පොලවට විසිකිරීම හෝ පෙරලා දැමීම හා සන්ධි සිරකිරීමක් හෝ ගෙල සිරකිරීම මගින් සටන අවසන් කිරීම සිදුකරනු ලබයි.

ජූඩෝ ප්‍රධාන ශිල්ප කොටස් 3 කින් යුක්තය,
  1. විසිකිරීම - nage-waza (投げ技?, throwing techniques)
  2. පොරබැදීම - katame-waza (固技?, grappling techniques)
  3. පහරදීම - atemi-waza (当て身技?, striking techniques)

 
  • පහරදීමේ ක්‍රම ජූඩෝ ඔලිම්පික් ක්‍රීඩාවෙන් ඉවත් කර ඇති නිසා බොහෝදෙනා සිතනුයේ ජූඩෝ යනු බිමදැමීම හා පොරබැදීම පමණක් අඩංගු කලාවක් ලෙසය, නමුත් අදටත් සාම්ප්‍රධායික ජූඩෝ පාසල් තුල පහරදීමද සහිත සම්පුර්ණ සටන් කලාවක් ලෙසින් ජූඩෝ පුහුණුව සිදුකරයි.

  • ජූඩෝ ක්‍රමය තුලප්‍රතිවාදියාගේ බලයට එරෙහිව නොගොස් ඔහුගේ බලයේ දිශාවටම ශිල්ප යෙදීම පුහුණුවන නිසා ප්‍රමාණයෙන් කුඩා අයෙකුට ප්‍රමාණයෙන් විශාල පුද්ගලයෙකු පරාජය කිරීමේ හැකියාව පවතින බව පැවසේ.  


බ්ලැක් බෙල්ට් එක කළු පාට ඇයි ?


 
  • බොහෝ සටන් කලා ක්‍රම තුල ශිෂ්‍යාගේ ජේෂ්ඨත්වය මත විවිධ වර්ණ වලින් යුත් පටි පිරිනැමීම සිදුකරයි. මෙම විවිධ වර්ණ පටි ක්‍රමය 1880 දී ජුඩෝ කලාව තුල හඳුන්වාදුන් ක්‍රමයකි.


  • නමුත් එම සියල්ලේම පාහේ පරිණතම වර්ණය කළු පාට බව ඔබ දනී. ඒ ඇයිදැයි ඔබ දන්නවාද ?

  • ඊට පෙර ඉතිහාසයේ පටන් සටන් ශිල්ප පාසල් තුල ආරම්භයේදී සියලු සිසුන්ට ලබාදුන්නේ සුදු පැහැති පටියකි.
  • දිගින් දිගටම පුහුණුවීම් කරන විට මෙම සුදු පටිය ටිකෙන් ටික කිලිටි වීම සිදුවෙයි.
  • එමනිසා දිගු කාලයක් පුහුණුවීම් කල ජේෂ්ඨ සිසුන්ගේ පටි කළු පැහැයට ආසන්න වර්ණයක් ගනියි.
  • එබැවින් සටන් පාසලේ ශිෂ්‍යන්ගේ පටි කිලිටිවී ඇති ප්‍රමාණය ඔවුන්ගේ ජේෂ්ඨත්වයට අනුරුප විය.
  • වර්ණ ක්‍රමය හඳුන්වාදීමේදී මෙම අභාෂය නිසා ඉහලම වර්ණය ලෙස කළු පාට යොදාගැනීම සිදුවිය.

කඩාවැටුන UFC තරුව රොන්ඩා


රොන්ඩා රොව්සි
රොන්ඩා කියන්නෙ හිටපු UFC ශූරිය.

ජුඩෝ වලින් 2008 දි ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමත් සමග තරුවක් වන මැය, MMA තුල තම කිරුළ රැක ගන්නෙ ජුඩෝ වල Take Downs සහ ජුජුට්සු වල Lock Techniques පාවිච්චි කිරීමෙන්.

ඕනෑම තරඟයක් KO හෝ Submission මගින් ඉක්මනින් නිමාකිරීමට රොන්ඩා ප්‍රසිද්ධයි.
MMA තරඟ 12 ක් පිට පිට ජයගන්නා රොන්ඩා සැබෑ දක්ෂයෙක්.

නමුත් 2012 සිට රැකගත් කිරුළ රෝන්ඩා ට නැති වෙන්නෙ 2015 නොවැම්බර් වලදී හොලී හෝම් (Holly Holm) ට පරාජය වීමත් සමගයි.පහලින් තියෙන්නෙ ඒ වීඩියෝව.
රොන්ඩා ට UFC කිරුළ අහිමිවූ මොහොත
එම පරාජයෙන් දැඩිව මානසික කඩාවැටුන රොන්ඩා වසරකට පමණ පසු නැවත UFC ආගමනයට උත්සහ කරනව 2016 දෙසැම්බර් වලදී.




අමන්ඩා හට පරාජය වීම
ඒත් අමන්ඩා (Amanda Nunes) හමුවේ නැවතත් පරාජය වෙන රොන්ඩා ට මෙවර නම් නැවත පැමිණීමට තවත් අවස්ථාවක් ලබා ගැනීම දුශ්කර වේවි.

සිලට් Silat

  • ඉන්දුනීසියාව , මැලේසියාව , තායිලන්තය , සිංගප්පූරුව වැනි දකුණු ආසියාතික රටවල් ආශ්‍රිතව විකාශය වූ සටන් කලාවක් වන සිලට් Silat විවිධ ශයිලීන් ගණනාවකින් යුක්තය.
  • සිලට් යන්නෙහි අරුත “skill for fighting” වේ.
  • Close Combat සටන් ක්‍රමයක් වන මෙය ,  Take Downs , Locks වැනි techniques වලින් සමන්විත කලාවකි. නමුත් Ground Fighting Techniques අඩංගු නොවේ.


සිලට් සටන්කරුවෙක්
සාම්ප්‍රදායික සිලට් සටන්කරුවෙක්
  • වේගවත් Techniques සහ ප්‍රතිවාධියා පහර එල්ල කරන අවයව වලට ප්‍රතිප්‍රහාර එල්ලකර ඒවා අඩපන කිරීම සිදුකරනු ලබයි.

  • සිලට් වලටම ආවේණික ආයුධ රැසක් පුහුණු වීමද සිදුකරයි. කරුම්බිට් පිහිය kerambit සිලට් පුහුණු වන්නන් අතර ජනප්‍රිය ආයුධයකි.

කරුම්බිට් පිහිය











පහත වීඩියෝව තුලින් සිලට් හි සටන් රිද්මය අවබෝධ කරගැනීමට හැකිය.