ඔබ සතු වටිනාම සම්පත ජීවිතයයි.
අනික් කුමන භව්තික සම්පතක් නැතිවුවද , ඔබේ මමත්වය හෝ අභිමානය හානි වුවද ඒ සියල්ලට වඩා ඔබේ ජීවිතය රැකගැනීම ප්‍රමුඛය.
හැකිතරම් ගැටුම් මගහැර සිටින්න
මෙය පවසන තරම් පහසු කටයුත්තක් නොවේ , නමුත් බොහෝ අනවශ්‍ය හදිසි ගැටුම් සඳහා ඔබේ මමත්වය හෝ සිතේ ඔබ ගැන පවතින අභිමානය පාදක විය හැක.
මහපාරේ සිටින බුරුවෙකු හමුවේ ඔබගේ තත්වය පෙන්වීමට යාමෙන් ඔබට ලැබෙනා දෙයක් නැත. නමුත් බූරුවා ඔබව තල්ලුකිරීමෙන් ඔබ ඇදවැටී සිදුවන තුවාලය මාරාන්තික විය හැක.

මෙහිදී මොහු ඔබ ගැන කිසිඳු තැකීමක් නොකිරීම ඔබට කරන අගෞරවයක් ලෙස ඔබට සිතෙයි. "මම මොකටද අයින් වෙන්නේ .." වැනි සිතුවිල්ලක් සමග ඔබද ඔබගේ දිශාව වෙනස් නොකර අදාළ පුද්ගලයාගේ ඇඟේ හැපෙයි.
මෙය ගැටුමකට මුලක් විය හැක.
මෙවන් සරල අවස්තාවක ඔබ ස්වල්පයක් අයිනට වී අදාළ මෝඩයාට යන්නට දීමෙන් ඔබට නැතිවන දෙයක් නැත. නමුත් ඔබ ජයගත යුත්තේ ඔබ සිතෙහි මමත්වයයි.
මෝඩයෙකුගෙන් ඔබ ලබන ගෞරවයේ කවර පලක් ද ?
ඔබේ වස්තුවට වඩා ජීවිතය වටියි.

උදා : පාරේ අඳුරු මුල්ලක කුඩුකාරයෙකු ඔබගේ බඩට පිහියක් තබා ඔබ පසුම්බිය ඉල්ලා සිටියහොත් , ඔබ බඩට පිහි ඇනුමක් ගැනීමේ අවධානම නොගන්න.
අවස්ථාවේ සොභාවය අනුව ඊළඟ පියවර තීරණය කරන්න
උදාහරණ :

මන්ද මුහුණ වසාගෙන එන මංකොල්ල කරු තම අනන්‍යතාවය සඟවන්නේ ඔබව පණපිටින් තබා යෑමට ය, නමුත් මුහුණ නිරාවරණය කර පැමිනෙන්නා ඔබගේ ජීවිතය ගැන තැකීමක් නොකරයි.
ඔබ යම අපරාධයක් , මිනීමැරුමක් ඇසින් දුටු සාක්ෂි කරුවෙකු වනවානම් ඔබගේ ජීවිතයට හානියක් වීමේ ඉඩකඩ ඉතා වැඩිය. එවන් අවස්තාවක අපරාධකරු සමග සාමසාකච්චා පැවැත්වීමට යෑමට වඩා එම ස්ථානයෙන් පැනයෑම හෝ වෙනත් විකල්පයක් නොමැතිනම් අපරාධකරු සමග සටන්කිරීම සිදුකල හැක.
මෙවන් අවස්තාවක සටන්කිරිම ඔබට ඇති අවසන් විකල්පය නම්, එහිදී අදාලවන සංකල්ප ඉදිරි ලිපියකදීබලාපොරොත්තු වන්න.